ගම්පහ දිස්ත්‍රික්කයේ මුතුරාජවෙල සිදුවෙමින් පවතින දැවැන්ත පරිසර විනාශය නිරීක්ෂණය කිරීමට සහ පරිසරවේදීන් සමග අදහස් හුවමාරු කරගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ පරිසර කමිටු සාමාජිකයන් සමග මුතුරාජවෙල අභයභූමිය ආශ්‍රිතව නිරීක්ෂණ චාරිකාවක චාරිකාවකට එක් විය
මුතුරාජවෙල ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අතින් අනූන බිමකි. මීගමු කලපුවත් එක්ව ගත් කල මුතුරාජවෙල වගුරු බිම හෙක්ටයාර දස දහස් ගණනක් පුරා ව්‍යාප්තව පවතී.
මුතුරාජවෙල ඔස්සේ සිය ගමන් මග සකසාගෙන ඇති ප්‍රධාන ඇල මාර්ග දෙක වන හැමිල්ටන් ඇල සහ ඕලන්ද ඇල එම සොබා සෞන්දර්යයේ මුලිකාංගයකි.
මුතුරාජවෙල ශාක විවිධත්වය සැලකීමේ දී ප්‍රධාන ශාක ප්‍රජාවන් 07ක් නියෝජනය කරන, විශේෂයන් 192ක තුරුලතාවලට මෙය තෝතැන්නකි. අප රට තුළ දැනට වාර්තා වී ඇති පෘෂ්ඨවංශීන් ගෙන් විශේෂ 232ක් මෙහි ජීවත් වෙන අතර මෙහි කුල 42කට අයත් පක්‍ෂි විශේෂයන් 102ක් වාර්තා වෙයි. ගං වතුර අවම කිරීම සඳහා ද මෙම වගුරු බිම මැදිහත් වේ








