බොරළු කැනීම් බලපත්‍ර පරීක්ශනයට යොමුකෙරේ


මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ , 580 වෙල්ලාරගම ග්‍රාම නිළධාරී වසමේ , පලුගස්වැව ගම්මානයේ සිදු කරන  බොරළු කැනීම් භූමියේ කැනීම් කටයුතු  තාවකාලිකව අත්හිටුවා ඒ සඳහා ලබා දී ඇති බලපත්‍ර වල නිර්වද්‍යතාව  සම්බන්ධයෙන් කඩිනමින්  පරීක්ෂණයක් කරන ලෙස මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, සූර්ය බල සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතානිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොරලු කැපීම හරහා විශාල පරිසර හානියක් සිදු වන බවට අනුරාධපුර අඩවි වන නිළධාරී සුමිත් සුවාරිස් මහතා කළ හෙළිදරව් කිරීමකින් අනතුරුව අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමට මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, සූර්ය බල සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඊයේ (23) පස්වරුවේ කටයුතු කළහ.මෙම අවස්ථාවට මිහින්තලය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන්, අනුරාධපුර අඩවි වන නිළධාරී සුමිත් සුවාරිස් මහතා ඇතුළු වන සංරක්ෂණ නිළධාරීන්, පරිසර නිළධාරීන් හා බොරළු කැනීම් බලපත්‍ර හිමියන් සහභාගී වී සිටියහ.

එහිදී පිරිස අදාළ කැනීම් භූමි නිරීක්ෂණයට ලක් කළ අතර, එම ගම්මානයේ බලපත්‍ර 06 ක් යටතේ බොරලු කැනීම් සිදු කරනු ලබයි.බලපත්‍ර හිමියන්  තම බලපතු ඇතුළු ලියකියවිලි අමාත්‍යයවරයා වෙත ඉදිරිපත් කළහ. ඔවුන් එහිදී කියා සිටියේ එහි ඇති බොරළු කැනීම් භූමි සඳහා වසර ගණනකට පෙර සිටම බලපත්‍ර ලබා දී ඇති බවත්, මෙම ඉඩම් වන සංකරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිදහස් කර ඇති බවයි.ඒ අනුව බලපත්‍ර ලබා ගෙන ඇති බවද පෙන්වා දුන්හ.අදාළ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිදහස් කර නොමැති බව වන සංරක්ෂණ නිලධාරීන් පෙන්වා දුන්හ.එහිදී අමාත්‍යයවරයා එහි ඇති විශාල ගස් සඳහා කුමක් වනවාද? , කපන ගස් සඳහා අලුතින් පැළ සිටුවනවාද යන්න ප්‍රශ්න කර සිටියහ? එහිදී බලපත්‍ර හිමියන් කියා සිටියේ, කපා දමන ගස් දැව සංස්ථාව වෙත ගෙන යන බවත්, කැනීම් කටයුතු අවසන් වූ පසු පැළ සිටුවන බවත්ය.නමුත් වන සංරක්ෂණ නිළධාරීන් කියා සිටියේ ඒ ආකාරයෙන් දැව සංස්ථාව වෙත ගස් ලබා දී නොමැති බවයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා නම් මේ කැලේ කියලා, කැලේ ඇතුලේ බලපත්‍ර දෙන්න තෝරා ගත්තේ කොහොමද? මෙතන බොරලු තියෙනවාද? නැද්ද කියන එක වෙනම වැඩක්, දෙන්න කොහොමද තීන්දු වුණේ කියන එක ගැටලුවක්, රටේ නීතියක් තියෙනවා නම් කැලෑවක් විදිහට නම් කරපු තැනක බලපත්‍ර දෙන්න බෑ කියන එක, කලින් දුන්නත් වැරදියි දැන් දුන්නත් වැරදියි.ඒ නිසා මේ පිළිබඳ නිළධාරීන් තුන් ගොල්ල එකතු වෙලා  පරීක්ෂණයක් කරන්න, කොහෙන්ද මේක වරද්දලා තියෙන්නේ කියලා.හරියට බලන්න මේකේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා.මේ රටේ මේ පරිසර විනාශය කරන්නේ ආණ්ඩුව හා දේශපාලඥයෝ කියලා අපිට ඇඟිල්ල දික් වෙනවා, අපි ඇවිල්ලා තියෙන්නෙත් මේක බේරන්න, ව්‍යාපාරිකයෝ ටික තමන්ගේ වැඩේ කවුරු හරි ලඟ කරනවා අවසානයේ බැනුම් අහන්නේ කොහෙදෝ ඉන්න දේශපාලඥයෝයි , ආණ්ඩුවයි. නිළධාරියා කවුරු වුණත්, කවදා ආවා ගියත් ආයතනයකින් ගන්න තීන්දු එකයි. අද ඉන්න කෙනා  ඔ්න ඔ්න විදිහට තීන්දු ගන්නත් බෑ, එයාට පස්සේ එන කෙනා අද කෙනාට දොස් කියන්නත් බෑ.එහෙම නම් ඒක නිළධාරීන් කරන වැරැද්දක්, කවුරු ගත්තත් ඒක එක තීන්දුවක් වෙන්න ඔ්න,මෙතන මේ නිළධාරීන්, බලපත්‍ර තියෙන අය කියන දේවල් පරස්පරයිනේ, කොටසක් කියනවා මේක වන සංරක්ෂණය නිදහස් කළා කියලා, මෙතුමලා ඒක නෑ කියනවා.  යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අනතුරුව අදහස් දැක්වූ බලපත්‍ර හිමියන් කියා සිටියේ, මෙතන තියෙන්නේ වෙන වැඩක්, ගිය අවුරුදු 05 ත් මෙතන බොරළු කැපුවා, කිසි ප්‍රශ්නයක් ආවේ නෑ,අපේ ආණ්ඩුවක් ඇවිත් අපිට බොරලු කපන්න බෑ. මෙතන පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා.අර පැත්තේ බොරලු කියුබ් ලක්ෂයක් විතර තියෙනවා, එක පුද්ගලයෙක් ඒකට අයිතිවාසිකම් කියන්න යනවා,ඒ නිසා මේ නිළධාරිනුත් බෙදිලා ඉන්නවා.2009  මගෙන් මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී  චමින්ද සම්පත් ඉල්ලුව රුපියල් 50 ගානේ ලෝඩ් එකකට දෙන්නේ නෑ කියලා ඉල්ලුවා.මේ පාරත් ඉල්ලනවා 200 ක්, අපි මේ ගැන කෝල් රෙකෝඩින් දෙන්නම් යැයි පවසා මිහින්තලය ප්‍රාදේශීය සභා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රී චමින්ද සම්පත් මහතා හා ගම්වාසියකු අතර ඇතිවූ කථා බහක්ද අමාත්‍යයවරයා වෙත ඉදිරිපත් කළහ.එහි රක්ෂිතය අල්ලන ලෙස මන්ත්‍රීවරයා උපදෙස් දෙන ආකාරය පටිගත වී තිබිණි.චමින්ද මන්ත්‍රීතුමන්ට 300 ගානේ දෙනවා කිව්වා නම් මේ මොන ප්‍රශ්නයක්වත් නෑ.යැයි බොරලු බලපත්‍ර හිමියන් පැවසීය.


අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ, ඔයගොල්ලෝ වගකියනවාද මේ කියන දේවල් ගැන, මෙතන මාධ්‍යවේදියෝ ඉන්නවා, ඒවාට වග කියන්න. කවුරු හරි වරද කළත්, වරද කලින්ද, පස්සේද වැරැද්ද කියලා වැඩක් නෑ, ජනාධිපතිතුමන්ට ඔ්නකමක් තියෙනවා පරිසරය ආරක්ෂා කරන්න, අපිට ලොකු චෝදනාවකුත් තියෙනවා නේ මේ ආණ්ඩුව ඇවිත් පරිසරය විනාශ කරනවා කියලා.කාගේ කැමැත්තට හෝ අකමැත්තට මේවා මාධ්‍ය වල ගියහම, හිතන්නේ මේවාට ආණ්ඩුව, දේශපාලඥයෝ සම්බන්ධයි කියලා.ඇත්ත කථාව මේවා අවුරුදු ගාණක් තිස්සේ කරන දේවල්, අමුතුවෙන් මේ ආණ්ඩුව ඇවිත් කරන දේවල් නෙමෙයි.වඩා හොඳ දේ තමයි නීත්‍යාණූකූලව රජයේ ආයතන එක්ක මේ දීලා තියෙන බලපත්‍ර හරිද බලන්න, ඒ වගේම මෙතන පරිසර හානියක් සිද්ධ වෙලා තියෙනවා නේ, මේක හානියක් කියලා නිළධාරීන් තීන්දු කරනවා නම් මේ හානිය මෙතනින් එහාට නොවෙන්න කොහොමද වග බලාගන්නේ ඒකට මොනවද කරන්න පුළුවන් කියලා තීන්දුවක් ගන්න.සීමාවක් නැතිව පරිසර හානියක් කරන්න දෙන්න බෑ, මේ වැඩේ නීත්‍යාණූකූලව කළා නම් කාටවත් ගැටලුවක් නෑ, රටේ නීතිය අනුව. වෙන වෙන කථා අවශ්‍ය නෑ, මේක ගැන පරීක්ෂණයක් කරලා තීන්දුවක් ගන්න නිළධාරින්.නිළධාරීන් අතින් වරදක් වෙලා තියෙනවා නම් දඩුවම් කරන්නම් යැයි පැවසීය.

එහිදී නිළධාරීන් හා බලපත්‍ර හිමියන් අතර උණුසුම් තත්වයක්ද ඇති විය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුමින්ද දිසානායක රාජ්‍යය අමාත්‍යයතුමන්,

මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අනුරාධපුර අඩවි වන නිළධාරීතුමන්ගෙන් ලොකු චෝදනාවක් ආවා, විශාල වශයෙන් වනයට හානියක් සිද්ධ වෙනවා කියලා,ඒ අනුව අද අපි තීන්දුවක් ගත්තා රාජ්‍යය නිළධාරීනුත්, මමත් ඇවිත් මේ පිළිබඳව නිරීක්ෂණය කරන්න, ඒ් අනුව අද අපි දැක්කා මෙතන තියෙන ව්‍යාපාරය පිළිබඳව, මෙහි සිටින ව්‍යාපාරික මහතුන් කියන විදිහට රජයේ බලපත්‍ර සහිතව තමයි මේ අය සියලු දෙනාම මේ බොරළු ව්‍යාපාරයේ යෙදිලා ඉන්නේ, ඒ වගේම මේ අය ප්‍රකාශ කරන විදිහට මේ සඳහා සියලු ආයතන වල අවසරය ලැබී තිබෙනවා.මේක අද- ඊයේ නෙමෙයි අවුරුදු දහයක් පමණ පරණ ව්‍යාපෘතියක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ, නමුත් අපි තීන්දුවක් ගත්තා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත්, භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයත්, කලින් හෝ අලුතින් හෝ ලබා දීලා තියෙන බලපත්‍ර ලබා දීලා තියෙන්නේ නීත්‍යාණූකූලවද කියලා පරික්ෂා කරන්න.සමහරු කිව්වා මේක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිදහස් කරලා කියලා,  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කියනවා මේක නිදහස් කරලා නෑ කියලා.ඒ නිසා රාජ්‍යය නිළධාරීන් තීරණය කරන්න ඔ්නකම තියෙනවා මේ බලපත්‍ර ලබා දීලා තියෙන්නේ නීත්‍යාණූකූලවද නැද්ද, වන ජීවි භූමියක්ද? වන සංරක්ෂණ භූමියක්ද ?, ප්‍රාදේශීය ලේකම්ට අයිතිද ?, එහෙමත් නැත්නම් පුද්ගලික ඉඩමක්ද? කියන කාරණය පළමුව නිරවුල් කර ගන්න ඔ්නකම තියෙනවා,  අනුව නිළධාරීන් මට්ටමින් මේ සඳහා ඇති නිත්‍යාණූකූලභාවය ඔප්පු කළාට පස්සේ අපිට ඉදිරියේදී තීන්දුවක් ගන්න පුළුවන්කම තියෙනවා මේක ඉදිරියට කරගෙන යනවාද? නවත්වනවාද කියන කාරණය.එතෙක් තාවකාලිකව මෙහි බොරලු කැනීම් කටයුතු නවත්වනවා.

මේ ව්‍යාපෘතියත් කාට හරි දැකපු ගමන් කාට හරි හිතෙන්න පුළුවන් මේකට දේශපාලඥයෙක් සම්බන්ධයි,මේක ආණ්ඩුව කරන්නේ කියලා.හැබැයි මෙතන මේ ව්‍යාපාරයේ නිරත වන සියලු පක්ෂ වල අය ඉන්නවා, හැබැයි මේක දේශපාලන අධිකාරිය සම්බන්ධ වෙලා ආණ්ඩුවක් විසින් මෙහෙයවන දෙයක් නෙමෙයි.බොරළු කියන්නෙත් මේ රටේ ව්‍යාපාරයක් ලෙස ව්‍යාපාරිකයෝ පිරිසක් කරන ව්‍යාපාරයක්.මේ ආණ්ඩුව නෙමෙයි.ආණ්ඩුවක් ලෙස අපිට වගකීමක් තියෙනවා, රාජ්‍යය නිළධාරීන්ට වගකීමක් තියෙනවා, රටේ නීතිය තුළ අවසර ලබා දීම,දේශපාලන අධිකාරියට වගකීමක් තියෙනවා ඒ නීතී හරියට ක්‍රියාත්මක වෙනවාද? - නැද්ද ? කියන එක හොයලා බලන එක, ඒ නීතිය ක්‍රියත්මක වෙනවා නම් ඊට අවශ්‍යය සහයෝගය ලබා දීමත්, නීතියට පිටින් යනවා නම් ඒක වලක්වා ගන්න එකත් දේශපාලන අධිකාරියේ වගකීමක්,මම හිතන්නේ නෑ, මේ ආණ්ඩුවට, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අපිට මේ එල්ල කරන පරිසර හානිය, අපිට කරන්න ඔ්නකමක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ, ඔ්නම කෙනෙකුට මේ ව්‍යාපෘතිය ගැනත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින ඔ්නෑම දේශපාලඥයකුගේ නම් කියන්න පුළුවන්කම තියෙනවා.හැබැයි හැමෝම දන්නවා මේ ව්‍යාපාරය අද කරන්නේ කවුද කියලා, මේක තවත් ව්‍යාපාරියකයෝ පිරිසක් කරනවා මිසක් දේශපාලඥයෝ කරනවා නෙමෙයි.දේශපාලඥයෝ විදිහට මේ රටේ පරිසරය ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා යැයි පැවසීය.

අනතුරුව අදාළ චෝදනාවට ලක්වන ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණු මන්ත්‍රී චමින්ද සම්පත් හා ගම්වාසීන් පිරිසක්ද මුණ ගැසී මේ සම්බන්ධව විමසා සිටියහ.



Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: බොරළු කැනීම් බලපත්‍ර පරීක්ශනයට යොමුකෙරේ
බොරළු කැනීම් බලපත්‍ර පරීක්ශනයට යොමුකෙරේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5A1ubDKLN_zK7wdTzR5S3TEzLWjK7gcukWqCl_-ULPCQLto7pHLpPzdykw3WCCv0n5tkyiu7PudQfYvm4K9FNc0Pc6CEs-ORPx7GEWLkFHVi6UYklcAUM6T5-IJf3rxlcx5zJYdz1k5k/s16000/BL+2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5A1ubDKLN_zK7wdTzR5S3TEzLWjK7gcukWqCl_-ULPCQLto7pHLpPzdykw3WCCv0n5tkyiu7PudQfYvm4K9FNc0Pc6CEs-ORPx7GEWLkFHVi6UYklcAUM6T5-IJf3rxlcx5zJYdz1k5k/s72-c/BL+2.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/Local-Duminda-Dissanayake-travel-and-search-for-Palugaswewa.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/Local-Duminda-Dissanayake-travel-and-search-for-Palugaswewa.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content