අමෙරිකානු සහශ්‍රක සහයෝගීතා ගිවිසුම හෙවත් එම් සී සී ගිවිසුම රජය විසින් ස්ථිරවම අත්සන් නොකරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ධිධිකරණයට දැනුම් දුන්නා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය මේ බව දන්වා සිටියේ පූජ්‍ය අගුලුගල්ලේ ජිනානන්ද හිමියන් / රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු පාර්ශව කිහිපයක් ගොණු කර ඇති පෙත්සම් අද සළකා බැලුණු අවස්ථාවේදියි.
එමෙන්ම අමෙරිකානු හමුදා ස්ථානගත කිරීම්වලට අදාළ “සෝෆා” ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් ද රජය තීරණයක් ගෙන නොමැති බව ඇය අධිකරණයට දැන්වූවාය.
ඒ අනුව එම පෙත්සම් ජුලි මස 12 වනදා යළි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනම මේ සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට වාර්තා කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි කරවන මිලේනියම් චැලෙන්ජ කෝපරේෂන් ගිවිසුම සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.




