සිංහල හිංදු අලූත් අවුරුදු සමය වනවිට කුකුල් මස් කිලෝවක මිල රුපියල් 800 ඉක්මවා යා හැකි යැයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා පවසයි.
සත්ව ආහාර මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා සාමාන්‍ය නිෂ්පාදකයන් කුකුල් මස් සැපයීමෙන් ඉවත්වෙමින් සිටින බවත් එය ප‍්‍රයෝජනයට ගෙන මහා පරිමාණ ව්‍යාපාරිකයන් පස්දෙනෙකු කුකුල් මස් මාෆියාව සියතට ගෙන සිංහල අවුරුද්දට කුකුල් මස් හිඟයක් මවා මිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු කීය.
මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන්ට විශාල ගීතාගාර පවතින නිසා කුකුල් මස් ගබඩා කරගෙන හිඟය මතුවීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය.
මේ වනවිට වෙළෙඳ පොළේ කුකුල් මස් කිලෝව රුපියල් 550 ත් 600 ත් අතර පවතින බවත් බිත්තරයක තොග මිල රුපියල් 12 ක්ව පවතින බවත් පැවසූ හෙතෙම බිත්තරයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 15 ක් වැනි වියදමක් දරන බවත් බිත්තර නිෂ්පාදකයන් ළඟ බිත්තර අතිරික්තයක් පවතින නිසා මිල පහළ ගොස් තිබෙන බවත් ඔහු පැවසීය. අත්පිට මුදලට ගන්නවානම් රුපියල් 11 බැගින් ඕනෑම බිත්තර ප‍්‍රමාණයක් ලබාදිය හැකි බවද ඒ මහතා කියා සිටියේය.




