මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පැවැත්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගනුලැබූ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ එම පැමිණිල්ල අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්තාවේදීය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදුකරගෙන යන බවයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී දැනට විදේශගතව සිටින උදාර සම්පත් නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු ලබාගෙන ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා එම වරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය වෙත යොමුකර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවද අධිකරනයට දැනුම් දුන්නා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කළා.




