රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය අද පැවැත්වීමට නියමිතයි.
ඒ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ගේ කණ්ඩායම අතරයි.
ඉන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා මුම්බායිහිදී පැවැත්වෙන අවසන් මහා තරගයේදි ඉන්දියාව සමඟ තරඟ වැදෙනු ඇති.
රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම ඊයේ සමත් විය.
රායිපුර් හී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 3 ක් දැවී ලකුණු 218 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6 ක් දැවි රැස් කර ගැනීමට හැකිවුනේ ලකුණු 206 ක් පමණයි.




