පරිසරය විනාශ වෙන්න අපිට ඉඩ දෙන්න පුලුවන්කමක් නෑ- රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක


පරිසර විනාශය සම්බන්ධයෙන් ආණ්ඩුවට විශාල ලෙස ඇඟිල්ල දිගු වෙනවා, පරිසර විනාශයට අපි දායක වෙනවා කියලා. නීතී- රීතී උල්ලංඝණය කරමින් කවුරුන් හෝ වන සංහාරයන් සිදු කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න නිළධාරීන් හා දේශපාලන අධිකාරිය නායකත්වය ගත යුතුයි, පරිසරය විනාශ වෙන්න අපිට ඉඩ දෙන්න පුලුවන්කමක් නෑ.ඒ නිසා නිළධාරීන්ගේ පැත්තෙන් තමන්ට තියෙන චක්‍රලේඛණ හා නීතී රීතී අනුව කටයුතු කරන්න.ඒකට අපි මැදිහත් වෙන්නේ නෑ යැයි මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, සූර්ය බල සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොරලු කැපීම හරහා විශාල පරිසර හානියක් සිදු වන බවට අනුරාධපුර අඩවි වන නිළධාරී සුමිත් සුවාරිස් මහතා කළ පැහැදිලි කිරීමට ප්‍රතිචාර දක්වමින්ය.

මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඊයේ (19) රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එහිදී ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙන්ම ප්‍රදේශයේ පවතින ගැටලු සම්බන්ධයෙන් රාජ්‍යය නිළධාරීන් හා දේශපාලන අධිකාරිය අතර සාකච්ජාවට බදුන් විය.

එහිදී අදහස් දැක්වූ අනුරාධපුර අඩවි වන නිළධාරී සුමිත් සුවාරිස් මහතා කියා සිටියේ,

බොරළු කපන්නේ කැලෑ වල, අද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ තීරණයක් ගන්න,මම මෙහෙට ඇවිත් මාසයයි, මම කිලෝ මීටර 300 ක් විතර ඈත පළාතක ඉඳලා ආවේ,මම මේක නවත්වන්න ගියොත් ඒක හරි දුෂ්කරයි,ලොකු ගැටීමක් ඇති වෙනවා,දේශපාලන අධිකාරියත් එක්ක මට ගැටීම් ඇති වෙන්න පුළුවන්, සාමාන්‍යය ජනතාවත් එක්ක ගැටීම ඇතිවෙන්න පුළුවන්, ගමේ ජනතාව සමඟ ගැටීම් ඇති වෙන්න පුළුවන්. මිහින්තලය පලුගස්වැව වෙල්ලාරගම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් බොරලු කපනවා කැලෑ එළි පෙහෙළිකරමින්.

ඊට පිළිතුරු දුන් සභාපති, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

ඔබතුමන්ලා රජයේ නිළධාරීන් විදිහට ආණ්ඩුවේ ප්‍රථිපත්තියට අනුව රාජකාරී කරන්න,ඒකේදී දේශපාලනය බලන්නත් එපා, හිතවත්කම් බලන්නත් එපා,මිල මුදල් බලන්නත් එපා,ඒ සියලු දේ බලන්නේ නැතිව චක්‍ර ලේඛණ අනුව රාජකාරී කරන්න.එහෙම වැඩ කරන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ සියල්ලටම අවසානයේ වගකියන්න වෙන්නේ නිළධාරීන්, පරිසර සංවිධාන හරි කවුරු හරි මේ ගැන විවේචනයක් කරන කොට අපි නෙමෙයි ඔබතුමන්ලා,

වැඩිදුරටත් අදහස් දැක්වූ අඩවි වන නිළධාරී සුමිත් සුවාරිස් මහතා,

දැන් පස් කපලා පටවනවා, ඒ කරන්නෙත් කැලෑ ඉඩම් තුළ ඒ හරහාත් විනාශ වෙන්නේ මේ කැලෑ ඉඩම්.මෙහේ වන සංහාරය සාමාන්‍යය දෙයක් වෙලා,මට පෙනුන දර්ශනය,ඔහොම නෙමෙයි ගහක් දෙකක් කැපුවත් අපේ නිළධාරීන්ගේ වැටුපෙන් අය කර ගෙන තියෙනවා, චෝදනා පත්‍ර දීලා තියෙනවා.මෙහේ ගස් මිලියන ගණනක්.ඒ නිසා මේ සාමාන්‍යකරණය වෙච්ච වන සංහාරය තනියම නවත්වන්න උත්සහ කරනවා,නමුත් මට සැකයි සාර්ථක වෙයිදෝ කියලා ? ඉඩම් පරිහරණ කමිටුවේ මම අදහස් දැක්වූවාට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමා ඉඩම් කීපයක පස් කපා ප්‍රවාහනය තාවකාලිකව අත්හිටවා තියෙනවා.හැබැයි ගම්වාසීන් කීපදෙනක් කිව්වා තාමත් යනවා කියලා.මම දන්නේ නෑ ඒක ඇත්තද? නැත්තද කියලා ? අපි සමාලෝචනයක් කරලා, මේ දීපු ටික සම්බන්ධයෙන් තීරණයක් ගමු.මට අලුතින් ඉල්ලුම්පත් ආවා ඒ එකක්වත් මම නිර්දේශ කරන්නේ නෑ,අපිට පරිභාහිරව වෙනත් ආයතනයකින් යන ඒවා සම්බන්ධයෙන් තීරණයක් ගත්තොත් හොඳයි කියලා මම යෝජනා කරනවා.

සභාපති, රාජ්‍යය අමාත්‍යය දුමිද්ද දිසානායක මහතා,

පරිසර විනාශය සම්බන්ධයෙන් ආණ්ඩුවට විශාල ලෙස ඇඟිල්ල දික් කරනවා, පරිසර විනාශයට අපි දායක වෙනවා කියලා.ඒ නිසා දේශපාලන අධිකාරිය ලෙස අපිට ලොකු වගකීමක් තියෙනවා මේ සඳහා පෙනී සිටීම.ඒ නිසා අපි කවුරුත් විරුද්ධ වෙන එකකුත් නෑ, නීතී- රීතී උල්ලංඝණය කරමින් කවුරුන් හෝ වන සංහාරයන් සිදු කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න කිසිම නිළධාරියෙක් හෝ දේශපාලන අධිකාරිය නායකත්වය ගත යුතුයි කියන එක තමයි මගේ යෝජනාව.එහෙම නැතිව පරිසරය විනාශ වෙන්න අපිට ඉඩ දෙන්න පුලුවන්කමක් නෑ.ඒ නිසා නිළධාරීන්ගේ පැත්තෙන් තමන්ට තියෙන චක්‍රලේඛණ හා නීතී රීතී අනුව ඔබතුමන්ලා කටයුතු කරන්න.ඒකට අපි මැදිහත් වෙන්නේ නෑ.යැයි පැවසීය.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අඩවි වන නිළධාරී සුමිත් සුවාරිස් මහතා,

භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයෙන් පස් කැපීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරියෙන් නිර්දේශයක් ගන්නේ නෑලු මේ කඩිනම් පියවරක් ලෙස, ඒ කියන්නේ පරිසරය ගැන නොසලකා තමයි මේ දේවල් කෙරෙන්නේ. මම කියන්නේ සංවර්ධන ක්‍රියාවලීන් සිද්ධ වෙන්න ඕන, කිසිම ගැටලුවක් නෑ, නමුත් හදන පාරක් හෝ වෙන තැනක් නිසා විනාශ වෙන මේ පරිසරය අපිට වසර මිලියනයකින්වත් ගොඩ නගාගන්න බෑ. සංවර්ධන ව්‍යාපෘති වලට බාධා කරනවා නෙමෙයි මම,ඒවා කෙරෙන්න ඕන, විශේෂයෙන්ම ලංකාව වගේ ජෛව විවිධත්වය ඉහළින් තියෙන රටවල් තියෙන්නේ විසි ගණනයි,එතනදී අපි ප්‍රමුඛ තැන දෙන්න ඕන, අපිට මේ ස්වාභාවිකව ලැබිලා තියෙන මේ සම්පතට,ඒක විනාශ කරගෙන කරන සංවර්ධනය තිරසාර සංවර්ධනයක් නෙමෙයි.මිනිස්සුන්ට යම් පහසුකමක් සපයනවා නම් මේ පස් ටික කපලා පරිසරය විනාශ කරලා, පාරක් හදලා තව අවුරුදු 25-30 කින් හෝ 50 කින් ඉදිරි පරම්පරා දෙක තුනට අර පාරක් ලබා දීලා සහනයක් දුන්නාට වඩා ගොඩනගන්න බැරි, පිළියම් යොදන්න බැරි අර්බුධ වලට මුහුණ දෙන්න වෙනවා.අපි විතරක් මේ අවුරුදු 30-40-50-60 ඉඳලා, පාරේ හොඳට ගිහිල්ලා සැප විඳලා හරියන්නේ නෑනේ,මේ කැලෑ ඉඩම් වල පස් කැපීම නවතා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.‍


මේ සම්බන්ධයෙන් කණ්ඩායමක් නිරීක්ෂණය කරලා තීන්දු කරමු.ලබන සඳුදා භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, මිහින්තලය ප්‍රාදේශීය සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් සඳුදා ස්ථානීය පරීක්ෂණයක් කරලා අවසන් තීන්දුවක් ගමු යැයි මිහින්තලය ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

විදුලි බල අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ඉදිරි වැඩපිළිවල සම්බන්ධයෙන්ද රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එහිදී නිළධාරීන් දැනුම්වත් කරමින් කියා සිටියේ,

මේ වසර අවසන් වන විට සෑම නිවසක් ඉදිරියේ විදුලි කණුවක් සවි කරලා ඒ කණුවේ විදුලිය තියන්න.ඒ නිවසේ හිමිකරුට අවශ්‍යනම් විදුලිය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. විදුලිය කියන්නේ විශේෂ පහසුකමක් නෙමෙයි,මූලික අයිතිවාසිකමක් විදිහට හැමෝටම අවශ්‍යය පහසුකමක් ලෙස ලබා ගන්න පුළුවන් තැනට ගේන එක තමයි අපේ අරමුණ,මීට පෙර විදුලි බල මණ්ඩලය මගින් එක් පාරිභෝගියකු සඳහා ලක්ෂ 3 ½ ක උපරිමයක් පමණයි වියදම් කලේ,හැබැයි දැන් අපි ඒ සීමාව අයින් කරලා තියෙනවා.දැන් අපේ අරමුණ හා වගකීම වෙලා තියෙන්නේ.සෑම නිවසක් ඉදිරියේම විදුලිය තියෙන ස්ථානයක් බවට පත් කරන එක.එහි මූලාරම්භය ලෙස ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් හා සභාවකම මේ වැඩසටහන ආරම්භ කරනවා.අප්‍රේල් මාසයට පෙර මීටර 50 කට අඩු ටිකට අපි විදුලිය ලබා දෙනවා.වගාවට විදුලිය ඉල්ලපු එකත් දෙන්න අපිට, කඩකාමරයටත් විදුලිය ඉල්ලුම් කරපුවා අපිට ලබා දෙන්න, අපි ප්‍රමුඛතාවය දෙන්නේ නිවාස වලට, අනෙක් සියලු ස්ථාන වලටත් විදුලිය ලබා දීමේ වගකීම අපිට තියෙනවා.ඒ වගේම සමෘද්ධි පවුල් වෙනුවෙන් හා සමෘද්ධි පොරොත්තු ලේඛණය සඳහා සම්බන්ධතා ගාස්තු ලෙස අය කරන රුපියල් විසි දහසකට ආසන්න මුදල අපි අය කරන්නේ නෑ.ඒ අය සඳහා නොමිලේ විදුලි සම්බන්ධතාවය ලබා දෙනවා.වයරින් කර ගැනීම සඳහාත් සමෘද්ධිය හරහා ක්‍රමයක් නිර්මාණය වෙයි.සමෘද්ධි හා සමෘද්ධී පොරෝත්තු ලේඛණයේ සියලු දෙනා වෙනුවෙන් විදුලි බල මණ්ඩලයෙන් අය කරන සම්බන්ධතා ගාස්තුව අය නොකර නොමිලේම තමයි අපි ඒ අයට විදුලිය ලබා දෙන්නේ යැයි යනුවෙනි.

මෙම අවස්ථාවන්ට මහා සංඝරත්නය, මිහින්තලය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සරත් ඉලංගසිංහ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් මිහින්තලය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඇතුළු රාජ්‍යය නිළධාරීන් සහභාගී වී සිටියහ.





Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: පරිසරය විනාශ වෙන්න අපිට ඉඩ දෙන්න පුලුවන්කමක් නෑ- රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක
පරිසරය විනාශ වෙන්න අපිට ඉඩ දෙන්න පුලුවන්කමක් නෑ- රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMzOOS72QcdhEJKMldqjZdulCjVhApHtX2zk4CqHZAtdjDYvEVSYai24efYuPyuFh6yQq3SgJ3MCzTn5gpJ63joeTVSGVJGDnnTATBc6z7lk40jSnqf1B1qsNglTt2EVJbQ1-zbJ-aT3c/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMzOOS72QcdhEJKMldqjZdulCjVhApHtX2zk4CqHZAtdjDYvEVSYai24efYuPyuFh6yQq3SgJ3MCzTn5gpJ63joeTVSGVJGDnnTATBc6z7lk40jSnqf1B1qsNglTt2EVJbQ1-zbJ-aT3c/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/We-cant-give-a-chance-to-destroy-environment-Hon-duminda-dissanayake.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/We-cant-give-a-chance-to-destroy-environment-Hon-duminda-dissanayake.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content