රටවල් 47 න් 22 ක් පමණක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කීරීම ශ්‍රී ලංකාව ලැබු ජයග්‍රහණයක්- විදේශ අමාත්‍ය

 


ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවට කවුන්සලයේ සමාජිකත්වය ලබා ගෙන ඇති රටවල් 47 න් 22 ක් පමණක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කීරීම ශ්‍රී ලංකාව ලැබු ජයග්‍රහණයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේය.

ජිනිවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඡන්දය විමසීම 23දා මෙරට වෙිලාවෙන් ප.ව.4.25 පමණ සිදුවිය.එම ඡන්ද විමසීමෙන් අනතුරුව විදේශ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ආධිපත්‍යවාදි රටවල් පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය දරණ රටවල් අතරින් තෝරා ගත් රටවල් තනි කර ඔවඅන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කීරිම එක්සත් ජාතීන් ගේ.ප්‍රඥප්තියට පටහැනි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරටේ ජනාධිපතිවරයා ලෙස රටේ ැති බහුතර ජනතා ඡන්දයෙන් පත් කර ගෙන ඉන් පසුව එතඅමාට ශක්තිමත් ආණ්ඩුවක් හදා ගන්නත් රටේ බහුතරය ඡන්දය පාවිච්චි කරල තිබෙනවා.පසු ගිය ආණ්ඩුව අපේ රට භයානක තත්වයකට ඇද දමන්න ජිනිවා මානව හිමිකම් සමුළුවේදී සම අනුග්‍රහකත්වය ලබා දීල යෝජනා සම්මත කර ගෙනතිබුණා.අපේ රජය පත් වුනාට පසුව 2019 වසරේදී අපි ඒ සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වෙන බව 43 වන මානව හිමිකම් සමුළුවට සහභාගි වී අපි ඉන් ඉවත් වුණා.

අපි එදා කීවා අපි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරනවා කියල.අපි එදා සිට අද දක්වා ඒ අනුව කටයුත් කරමින් යනවා.අද ලෝකයම කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වෙලා.රටවල් සියයකට වැඩිය එන්නත ලබා ගන්න බැරිව දුකට පත්ව සිටිනවා.එවැනි වෙිලාවක මානව හිමිකම් කොමිෂමේ පළමු වගකීම විය යුත්තේ කොවිඩ් වසංගතයට ගොදුරු වන ජනතාව ඉන් මුදව ගෙන ඔවුන් ජිවත් කරවීමයි.

අපි මේ ගැන සමුළුවට ප්‍රකාශ කර තිබෙනවා.අපට එරෙහි මානව හිමිකම් කොමසාරිස් වරිය ඉදිරිපත් කල වාර්තාව පදනම් විරහිත වැරදි සංඛ්‍යා ලේඛන හා වැරදි තොරතුරු ඇතුලත් වාර්තාවක් බව පෙන්වා දී එය මුළුමනින්ම අපි ප්‍රතික්ෂේප කලා.ඒ වාගේම එම යෝජනාවට එරෙහි වන ලෙස අපි මානව හිමිකම් කවුන්සලයේ සමාජික රටවල් වලින් ඉල්ලා සිටියා.එක්සත් ජාතින් ගේ ප්‍රඥප්තියට පටහැනිව කටයුතු කරන්න මානව හිමිකම් කවුන්සලයට බෑ.

මානව හිමිකම් කවුන්සලය පිහිටුවීමේ මුලික යෝජනාවට පටහැනිව ඔවුන්ට කටයුතු කරන්න බැ.එක්සත් ජාතින් ගේ ප්‍රඥප්තිය අනුව ඔවුන්ට ඕනෑ විදියට රටවල් තෝරා ගෙන ඒ ඒ රටවලට එල්ල බලා චෝදනා ල්ල කරන්න බැ.ඒ මූලික ප්‍රතිපත්තියට පටහැනිව අප රටට එරෙහිව බ්‍රතාන්‍ය ජර්මනිය කැනඩාව ඇතුළු රටවල් කීපයක් එක්ව ඉදිරිපත් කල යෝජනාවට මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් 47 න් රටවල් 22 ක් පමණයි ඡන්දය ප්‍රකාශ කර තිබන්නේ.මේ නිසා ඔවුන්ට බහුතරය අහිමිව තිබෙනවා.උතුර විසින් දකුණ පාලනය කිරිම හෙවත් යටත්විජිතවාදී රටවලින් අමාරුවෙන් ලබා ගත් නිදහස පාලනය කීරිමේ උත්සහය පරාජය කර තිබෙනවා.විශේෂයෙන් ජනාධිපතිතුමා,අගමැතිතුමා,අපේ රජයත් රටේ වැදගත් රටට ආදරය කරන අයත් එක්ව ලෝකය දැනුවත්.කළා.

කොවිඩ් නිසා අපි කාටවත් මේ සමුළුවට සහභාගි වෙන්න ලැබුණෙ නෑ.විද්යුත් මාර්ගයෙන් සමුළුව පවත්වා අප වැනිරටවලට බලපෑම් කරමින් කටයුතු කලද අපේ රටේ ස්වෙරිත්වය,නිදහස ආරක්ෂා කරමින් අපට එරෙහි යෝජනාව පරාජය කීරිමට අප කැප වුනා.අප හදා සහතික වු පරිදි මානවහිමිකම් උල්ලංඝනය වී ඇත්නම් ඒ පිළිබඳ විමර්ශනය කරන්න ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු වරයකු ග් ප්‍රධානත්වයෙන් ⁣ජනාධිපති කොමිෂමක් පත් කරල එහි කටයුතු දිගටම කර ගෙන යනවා.

එක්සත් ජාතීන් ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙන පරිදි අපි 2030 තිරසර සංවර්ධන සැලැස්ම ජයග්‍රහණය කරන්න කටයුතු කර ගන යනවා.ඒ වාගේම අපේ රටේ ජිවත්වන සිංහල,දෙමළ,මුස්ලිම් යනඕනෑම ජාතියකට පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ගමන් කරන්න ජිවත් වෙන්න පදිංචි වෙන්න පුළුවන් පරිසරයක් අපි ඇති කරල තිබෙනවා.LTTE ත්‍රස්වාදීන් විසින් විනාශකල ප්‍රජා අයිතින් ආරක්ෂා කර දෙන දේශයක් බවට අද රට පත් කර තිබෙනවා.

මේ සාධනීය කරුණු බැහැර කරමින් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කීපයක් අපට එරෙහිව ඉදිරිපත කල යෝජනාවට බහුතරය නොලැබී ඡන්ද 22 ක් පමණයි ලබා ගත හැකි වුණේ. එමෙන්ම ඡන්ද 11 ක් බ්‍රිතාන්‍ය යෝජනාව ප්‍රතික්ෂේප කරල තිබෙනවා.ඡන්ද 14 ක් බ්‍රිතාන්‍ය යෝජනාවට ඡන්දය දීමෙන් වැලකී සිට තිබෙනවා.මේ අනුව රටවල් 47 න් 25ක් ම මේ යෝජනාවට කැමත්ත දීල නැ.ඒක ඉතාම වැදගත් යැයිද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: රටවල් 47 න් 22 ක් පමණක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කීරීම ශ්‍රී ලංකාව ලැබු ජයග්‍රහණයක්- විදේශ අමාත්‍ය
රටවල් 47 න් 22 ක් පමණක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කීරීම ශ්‍රී ලංකාව ලැබු ජයග්‍රහණයක්- විදේශ අමාත්‍ය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2MI_zmUjvv6criEeF9nAZrkaP9XN-NKtC5wvX9TRGM0oN-ck-Md0TpF-SUdiFjfqO6J8_IiBNi9jthTcoL9SpYvnAwd8t7DkgO45oO38F7koDwb3CShtge93w2Vqy38GFiZDkBPT0-bM/s16000/Dinesh-Gunawardena.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2MI_zmUjvv6criEeF9nAZrkaP9XN-NKtC5wvX9TRGM0oN-ck-Md0TpF-SUdiFjfqO6J8_IiBNi9jthTcoL9SpYvnAwd8t7DkgO45oO38F7koDwb3CShtge93w2Vqy38GFiZDkBPT0-bM/s72-c/Dinesh-Gunawardena.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/geneva%20human%20rights-srilanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/geneva%20human%20rights-srilanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content