රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යාමට ශක්තිමත්ව අත්වැල් බැඳගන්න


රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පිණිස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළාත් පාලන නියෝජිතයිනට කියා සිටී.

අද විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිවය. ජනතාව රජය කෙරෙහි තැබූ අපේක්ෂා ඉටුකරමින් සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යා යුතුය. රජයේ සැලසුම් නිසි ලෙස ක්‍රියාවට නංවමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, (26) පස්වරුවේ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමිනි. බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලින් පැමිණි පළාත් පාලන නියෝජිතයෝ හමුවට එක්ව සිටියහ.

පුද්ගලයන් නොව, රජයේ ප්‍රතිපත්ති ඉස්මතු කිරීමට සියලුදෙනා කැපවිය යුතුය. ප්‍රතිපත්ති බිඳ වැටුණොත් රට නැවත විනාශයට ඇඳ වැටීම වැළැක්විය නොහැකිය. රජය බලයට ගෙන ඒමට දුන් සහයෝගය සහ කැපවීම රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී ද සියලුදෙනාගෙන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛ අරමුණ දරිද්‍රතාව තුරන් කර ජනතාවට සෞභාග්‍යය උදා කිරීමය. දරිද්‍රතාව තුරන් කරමින් අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවීමට රජය විශාල වැඩකොටසක් කරමින් සිටී. ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කර ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් අත් කර දීමට මේ වසර 05 තුළ කැපවන බව ජනාධිපතිතුමා කීය.

ජනතා ගැටළු පිළිබඳ පුළුල් අවබෝධයක් පළාත් පාලන නියෝජිතයනට තිබේ. ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙලේදී එය ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා දේශපාලන වශයෙන් පමණක් නොව පරිපාලනමය වශයෙන් ද නායකත්වය ගෙන ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය වන්නැයි ඉල්ලා සිටියේය.

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ විපක්ෂය විවිධ බොරු ප්‍රචාර ගෙන යමින් සිටී. ගමට ගොස් ගමේ සංවර්ධනය සමග එක්වෙමින් බොරු ප්‍රචාර නිවැරදි කිරීමට ක්‍රියා කරන්නැයි ද ජනාධිපතිතුමා පළාත් පාලන නියෝජිතයිනට කීය.

කවුරු කුමක් පැවසුවද පරිසරය සුරැකීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරමින් සිටී. 2030 වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය 70%ක් දක්වා ඉහළ නැංවීම, රසායනික පොහොර භාවිතය සෑම වසරකම 25%කින් අඩු කිරීම, කටුපොල් වගාව තහනම් කිරීම ඇතුළු පරිසරය වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ගෙන තිබෙන බව එතුමා සිහිපත් කළේය.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක “පුරනැඟුම” 03 වැනි අදියර ළඟදීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පලාත් පාලන ආයතනවල බොහෝ අඩුපාඩුකම් සපුරාලීමට එමගින් හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

පළාත් පාලන ආයතනවලට අවශ්‍ය බරවාහන ඇතුළු යන්ත්‍රෝපකරණ නැතිවීමෙන් මතුව ඇති ගැටළුවට වසර අවසන්වන විට විසඳුම් ලැබෙනු ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා කීය. ප්‍රජා සංවිධානවලට ලබාදෙන අරමුදල් වැඩකිරීමට ද තීරණය කර තිබේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදේනි අතුකෝරාළ, සුමිත් උඩුකුඹුර, සාගර කාරියවසම්, මිලාන් ජයතිලක, මධුර විතානගේ, ජයන්ත කැටගොඩ, සුදත් මංජුල යන මහත්වරු ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යාමට ශක්තිමත්ව අත්වැල් බැඳගන්න
රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යාමට ශක්තිමත්ව අත්වැල් බැඳගන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioWpOkPTmHM7fuNuNRrxCA3J_Vdxy-2nBnehgWK1bCx3MaX4WwHW5yQgpeq4GiC8PWwwbxf995h4T3bdzD9XsttGSq-hX_QEjOzvDtRv7UjqYxM6tFvkCA6bCvIytO3vfuEnE_bkN8g60/s16000/9a9d0bd8-2fa7-420b-9166-bfe790dc0678+%25281%2529.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioWpOkPTmHM7fuNuNRrxCA3J_Vdxy-2nBnehgWK1bCx3MaX4WwHW5yQgpeq4GiC8PWwwbxf995h4T3bdzD9XsttGSq-hX_QEjOzvDtRv7UjqYxM6tFvkCA6bCvIytO3vfuEnE_bkN8g60/s72-c/9a9d0bd8-2fa7-420b-9166-bfe790dc0678+%25281%2529.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/government-project.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/government-project.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content