ස්වදේශීය ව්‍යවසායකයා බලගැන්වීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් දියත් කරනු ලබන 'Made in Sri Lanka' වැඩපිළිවෙළ යටතේ තෝරා ගත් දේශීය නිපැයුම් ගණනාවකට "Made in Sri Lanka සන්නාමය" පිරිනැමිම කොළඹදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද පතිරාජ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද එක්ව සිටියහ.




