ඊයේ (01) දිනයේ දී මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු සපයමින් මධ්‍යම පරිසර අධිකාරිය මේ බව සඳහන් කර ඇත.
මුතුරාජවෙල පරිසර කලාපය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයා සහ වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දු කඩකිරීම පිළිබඳව කාදිනල් හිමියන් නිවේදනයක් නිකුත් කරමින් සිය අප්‍රසාදය පළ කර තිබුණි.
එම කලාපය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මස 21 වනදා මහින්ද අමරවීර අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අගරදගුරු නිල නිවසේදී සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
එහිදී මෙහි කිසිදු ව්‍යාපෘතියක් සිදුනොකරන බවට අමාත්‍යවරුන් තමා වෙත පොරොන්දු වූ බව කාදිනල් හිමිපාණන් පෙන්වා දී තිබුණි.
එහෙත් එම සාකච්ඡාවේ දී අමාත්‍යවරුන් ඉදිරියේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කරන ලද්දේ එදින සාකච්ඡාවට භාජනය කළ අතිරේක හා ඉදිරි යෝජිත කමිටුව ක්‍රියාත්මක වී අවශ්‍ය තීන්දු ගන්නා තුරු කිසිදු හේතුවක් නිසා කිසිදු ආයතනයකට තාවකාලික හෝ ස්ථීර බලපත්‍ර ලබා නොදෙන බව යැයි ද මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
වැඩිදුරටත් ඔවුන් දක්වා ඇත්තේ, එම සාකච්ඡාවෙන් පසු මේ දක්වා කිසිදු අයුරකින් තාවකාලික හෝ ස්ථිර බලපත්‍ර ලබා දී නොමැති බවය.




