දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය හමුවේ ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත් වන ලෙස පොලිසිය විසින් එහි සිටින පිරිසට දැනුම්දී ඇත. ඒ...
දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය හමුවේ ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත් වන ලෙස පොලිසිය විසින් එහි සිටින පිරිසට දැනුම්දී ඇත.
ඒ අනුව ජනාධිපති කාර්යාලයේ සිට ශබ්දවිකාශන යන්ත්‍ර මඟින් පොලිසිය මෙම නිවේදනය විරෝධතාකරුවන්ට ඇසීමට සලස්වනු ලැබුවා.
බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරිය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නොමැති බව එම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.