ගාලුමුවදොර පැවති සාමකාමී අරගලයට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් දින තුනක් පුරාවට පැවති වෘත්තිය සමිති වැඩ වර්ජනය අදින් අවසන් කිරීමට තීරණය කළ බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.
ඒ අනුව හෙට පෙරවරු 7 සිට යළි මහජන සේවා යථා තත්ත්වයට පත් පත්කිරීමට කටයුතු කරන බව එහි නියෝජිත රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගාලුමුවදොර අරගෙන භූමියට පහරදුන් දේශපාලන මැරයින්ට මහජනතාව නිසි දඬුවම් ලබා දී ඇති බැවින් තවදුරටත් රට තුළ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීම වැලැක්විය යුතු බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




