රට තුළ කඩිනමින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොකළ හොත් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මහබැංකු මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
රට තුළ නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම කිසිසේත්ම ආර්ථික අර්බුදයෙන් ගොඩ ගොඩ ඒමට උදව් නොවන බව ඔහු අවධාරණය කරනවා.
එමෙන්ම මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ සාමකාමී අරගලයේ නිරත පුද්ගලයින්ට සිදුකල පහරදීම පිළිකුල් සහගතව හෙළා දකින බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




