අවශ්‍ය වූ විට දී වෙඩි තැබීම ඇතුළු නීත්‍යනුකූල බලය පාවිච්චි කිරීමට ශ්‍රී ලංකාවේ සියලු පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය මගින් උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව කලහකාරී කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් ජීවිත හානි හෝ කොල්ලකෑම් සිදුකිරීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ වලට හානි කිරීම , කොල්ලකෑම හෝ ජීවිත හානි හෝ බරපතළ තුවාල සිදු වන ආකාරයේ පහරදීම් වැළැක්වීම සඳහා උපරිම පියවර ගන්නා ලෙස නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




