නාවික හමුදාව යාපනය, වෙත්තලකේණි ප්‍රදේශයේ ඊයේ දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 239 ග්‍රෑම් 850 ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන අතර, ඒ අනුව, උතුරු නාවික විධානය මගින් ඊයේ දින යාපනය, වෙත්තලකේණි අලියාවලෙයි ප්‍රදේශයේ මාර්ග බාධක යොදා සිදුකළ විශේෂ පරීක්‍ෂාවකදී මාර්ගයේ ගමන් ගත් සැක කටයුතු ටිපර් රථයක් නිරීක්‍ෂනය කර සිදුකළ පරීක්‍ෂාවේදී, එහි පොලිතින් උර 07ක පාර්සල් 100ක් වශයෙන් අසුරන ලද කිලෝ 239 ග්‍රෑම් 850 ක් පමණ වන කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට සමත් විය. මෙහිදී එම කේරළ ගංජා තොගය, ටිපර් රථය සහ එහි ගමන් ගත් සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ විථි වටිනාකම රුපියල් මිලියන 71.9ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.
සැකකරුවන් වයස අවුරුදු 31 සහ 34 යන වයස් වල පසුවන වෙත්තලකේණි මුල්ලියන් සහ අලියාවලෙයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය, ටිපර් රථය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පලෙයි පොලීසිය වෙත භාරදී තිබෙනවා.




