පසුගිය මාර්තු 1 වන දා වේල්ල වීදිය ප්‍රදේශයේ දී හිස නොමැති මළ සිරුරක් සොයාගනු ලැබු අතර එය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ කාන්තාවකගේ බවට තහවුරුවී තිබෙනවා.
ඇය 30 හැවිරිදි අවිවාහක කාන්තාවක් බව පොලීසිය සදහන් කළා.
අදාල මිනීමැරුම සම්බන්ධව අදාල සැකකරු පොලීසිය විසින් හදුනාගෙන තිබූ අතර ඔහු වයස අවුරුදු 52ක් වන බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.
පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සොයා ඔහුගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ කළ සොදිසි මෙහෙයුමකදී බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, කැලෑවක ගසක එල්ලෙමින් තිබිය දී සැකකර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම මළ සිරුර ආසන්නයේ තිබී “වස කුප්පියක්“ ද සොයාගෙන ඇති අතර, ඔහු වස පානය කර සියදිවි හානි කරගැනීමට ඇතැයි පොලීසිය සැක පළ කරයි.




