පාස්කු ඉරිදා දේව මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දේවස්ථාන ආවරණය වන පරිදි පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000 ක පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය පවසයි.
මෙම පිරිසෙන් 9000 කට අධික පිරිසක් පොලිස් නිලධාරීන් බවත් සෙසු පිරිස, විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ භට පිරිස් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
මෙම වැඩපිළිවෙල යටතේ වැඩිම ආරක්ෂාවක් සපයා ඇත්තේ මීගමුව, හළාවත හා මඩකලපුව යන පොලිස් කොට්ඨාශ ආශ්‍රීත දේවාස්ථාන වෙතයි.
පොලිස්පතිවරයාගේ විශේෂ චක්‍රලේඛයක් යටතේ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.