ත්‍රීරෝද රථ හිමියන් විසින් වත්මන් රජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ත්‍රීරෝද රථ අලංකරණ අංග උපාංග සවිකිරීමට හා රැඳවීමට තහනම් පනවමින් පනවා තිබූ නීති රීති රැසක් ලිහිල් කරමින් ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
(අංක 2240/37 දරණ 2021 අගොස්තු මස 14) දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව ජනතාවට අනතුරක් නොවන ලෙස සහ යම් නීති මාලාවකට යටත්ව ත්‍රීරෝද රථ අලංකරණය සදහා අවසර ලබාදීමට කටයුතු කර ඇතිබව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම ඊයේ (06 වැනිදා) පැවැසීය.
රිය අනතුරකට හෝ ඉන් මගියාට අනතුරක් නොවන අංගෝපාංග ත්‍රිරෝද රථ සඳහා සවිකර ගැනීමට හෝ රැඳවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ නිලධාරින්ගෙන් යුතුව පත් කළ කමිටුවේ නිර්දේශ මත අවසර දී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව ත්‍රිරෝද රථවල අංගෝපාංග සවිකිරීමේදී සහ රැඳවීමේ දී රථයේ බර මානයන් සහ මූලාකෘතියේ දැක්වෙන සීමාවන් නොඉක්මවීම, හැඩය, සැලස්ම හෝ බාහිර පෙනුම වෙනස් නොකිරීම, නිෂ්පාදනය කරනු ලැබූ කාර්ය වෙනස් නොකිරීම, එහි සමතුලිතභාවය නොබිදීම, රියදුරු හා මගී අසුන් සඳහා ඇති ඉඩකඩ වැඩි නොකිරීම, රියදුරු මැදිරියේ හෝ පිටුපස පැති දොරටුවල දර්ශනය අවහිර නොකිරීම, පිටුපස දර්ශන කණ්ණාඩිවල දර්ශනය අවහිර නොකිරීම, පරාවර්තන බාහිර ස්වරූපයන් නොතිබීම, මාර්ගය හෝ ආශ්‍රිත ප්‍රදේශය භාවිතා කරන තැනැත්තන්ට බාධාවක් හෝ අනතුරක් සිදුවන ආකාරයට තියුණු දාර සහිත උවාරණ පිට පැත්තෙහි සවි නොකිරීම සිදුකළ යුතුය යන්න මෙම ගැසටි නිවේදනයේ සඳහන් වේ.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.