ගුරුවරුන්ට රුපියල් 5,000 ක අන්තර් දීමනාව මෙම මස සිට වැටුපට එක් කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (7) පැවසීය.
ගුරු සහ විදුහල්පති සේවයේ විවිධ ස්ථර සඳහා සියයට 17 සිට 26 දක්වා මූලික වැටුප් වැඩිවීමක් සිදුවන බවත් එය එක් වර ලබාදෙන ලෙස ගුරු සංගම් ඉල්ලා ඇති නමුත් පවතින මූල්‍ය තත්ත්වය අනුව එය අවස්ථා තුනකදී ලබාදෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් රමේෂ් පතිරණ මහතා සඳහන් කළා.
ගුරු වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් රජය දිගටම කටයුතු කරගෙන යන බවත් ඊට අදාළ නිශ්චිත යෝජනාව 2022 වසර සඳහා ලබන නොවැම්බරයේ ඉදිරිපත් කරන අයවැය ලේඛනයට ඇතුළත් වන බවත් අමාත්‍යවරයා කීවේය.
රුපියල් 5,000 ක මාසිකව අන්තර් දීමනාවක් ලබාදීම සිදුවන්නේ ගුරු වැටුප් විෂමතා ඉත්වන තෙක් ඔවුන් සිදුකරන අන්තර්ජාලය හරහා ඉගැන්වීම් ඇතුළු කටයුතු වෙනුවෙන් සහනයක් හා දිරි දීමනාවක් ලෙස බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවා.
ගුරුවරුන්ගේ ගැටලුවට විසඳුම් ලබාදීමට රජයට හැකි උපරිමයෙන් කටයුතු කරන නිසා රජය ලබාදී ඇති විසඳුම පිළිගෙන ගුරු - විදුහල්පතිවරු නැවත සේවයට වාර්තා කරනු ඇතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා පවසා සිටියා.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.