රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව සමහර ධන කුවේරයින්ට, ජාවාරම්කාරයින්ට සහන දෙමින් කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට අත තබා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (07) පැවසුවා.
ආණ්ඩුව ඉදිරිපත් කර ඇති මුදල් පනත් කෙටුම්පත පිළිබඳව කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ ඔහු ඒ මගින් ජාවාරම් කාරයින්ට තමන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කරගැනීමට හැකියාව ලැබෙන බවත් සදහන් කළා.
කිසිවෙක් බදු නොගෙවා සඟවාගෙන සිටිනවා නම් රජය කළ යුත්තේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවත් ඒ සදහා ඕනෑ තරම් ප්‍රතිපාදන ඇති බවත් ආණ්ඩුවේ මෙම ක්‍රියා පිළිවෙතට සමගි ජන බලවේගයත් විපක්ෂයත් තරයේම විරුද්ධ වන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.