පෞද්ගලික සමාගම් පහකට කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවත් එම සමාගම් සඳහා කිරි ගව පට්ටි පවත්වාගෙන යෑමට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු බිම් අක්කර 2771ක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබුණ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා වඩිදුරටත් පැවසුවා.
අදාල සමාගම් ව්‍යාපෘතියට රුපියල් මිලියන 8275ක් ආයෝජනය කරන බවත් මෙම ව්‍යාපෘතිය සඳහා රජයෙන් කිසිදු මුදලක් ආයෝජනය නොකරන බවත් ඔහු සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.