ආනයනික ලොකු ලූනු (ලොකු ළූණු) සඳහා කිලෝවකට රුපියල් 40ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.
දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳ පොළට ලැබෙමින් පවතින බැවින්, ලොකු ලූනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ .
දඹුල්ල ඇතුළු ප්‍රදේශවල ලොකු ලූනු අස්වැන්න නෙළමින් පවතින බැවින්, ආනයනික ලොකු ලූනු සඳහා බද්දක් පනවන්නැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද රජයෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.