බස් රථ 80 ක මාර්ග බලපත්‍ර අත්හිටු වූ බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම ඊයේ (06 වැනිදා) පැවසීය. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගීන් ප්‍රවාහනය කිරීම නිසා මෙම බලපත්‍ර අත්හිටුවා ඇත.
සෞඛ්‍ය අංශ නිර්දේශ කරන පියවර යටතේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ප්‍රවාහන අමාත්‍යංශය විසින් පොදු ප්‍රවාහන බස් රථ ධාවනය කිරීම සදහා පියවර තුනක් ඉදිරිපත් කර ඇත. පළමු පියවර ලෙස ආසන ගණනට පමනක් මගීන් ගෙන යාමත් දෙවන පියවර ලෙස ආසන ගණනින් සියයට 75 ක් පමණක් ප්‍රවාහනය කීරිමත් තෙවන පියවර ලෙස ආසන ගණනින් සියයට 50 ක් පමණක් ප්‍රවාහනය කිරීමත් අමාත්‍යංශය යෝජනා කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.