කොළඹ සිට යාපනයට පැළ මිලියන 20ක් සිටුවීමේ ‘මාතා ව්‍යාපෘතිය‘ ඇරඹෙයි


වර්තමානයේ අපි කොවිඩ් -19 හා සමාන අර්බුදයක් ලෙස පරිසරය ආරක්ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින අතර රටක් ලෙස ඒ සඳහා ලබාදෙන දායකත්වය සමාජ වගකීමක් ලෙස අප අවබෝධ කරගත යුතු යැයි විහාර මහාදේවි උද්‍යානයේ පැවති රුක් ‍රෝපණය වැඩසටහනට එක්වෙමින් (30) පෙරවරුවේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

විහාර මහාදේවි උද්‍යානයෙන් ඇරඹි ශ්‍රී ලංකාව තුළ පැළ මිලියන 20ක් සිටුවීමේ මෙම වැඩසටහනට සමගාමීව කොළඹ සිට යාපනය දක්වා දින 11ක් පුරාවට මුළු දුර කි.මී. 712 කට විවිධ ස්ථානවල සංකේතාත්මකව පැල සිටුවන පාපැදි සවාරියක් ද ආරම්භ විය.

මෙම වැඩසටහන අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මාතා පදනම විසින් සංවිධානය කර තිබිණ.

එහිදී අදහස් දැක්වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

විශේෂයෙන් රතන ස්වාමීන් වහන්සේ ගහ කොළ, සතා සීපාවා පිළිබඳ නිරන්තරයෙන් හඬක් නැඟූ ස්වාමීන් වහන්සේ නමක්. පරිසරය ආරක්ෂා කළ යුතු ආකාරය සම්බන්ධව නිරන්තරව උන්වහන්සේ අනුශාසනා ලබාදනවා.

මෙම වකවානුව තුළ ගෝලීය වශයෙන් සහ රටක් ලෙස අප මුහුණදෙන කොවිඩ් - 19 වසංගත අභියෝග හා සමානව විශාල අභියෝගය වන පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා තරුණ පිරිස ඒකරාශී කරගනිමින් කතාවට සීමා නොවී එය ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙලක් පෙළගැසිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

පසුගිය වසරේ ලෝකයේ ඇතිවූ සංවර්ධන ක්‍රියාවලියත් සමඟ වායුගෝලයට කාබන් මුදා හැරිමෙන් ගෝලීය උණුුසුම ඉහළ යාම නිසා හිමකදු දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම, නියඟ ගංවතුර ආදී කාලගුණික - දේශගුණික විපර්යාස රැසකට ලෝකය මුහුණ දෙමින් ඇත.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී සියලු රටවල් අත්සන් කළ පැරිස් සම්මුතිය මගින් ගෝලීය උණුසුම අවම කිරීමට අප ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කර තිබේ. එම ක්‍රියාකාරකම් කිරීම පිළිබඳ අවධානය යොමු කළ ‘මාතා“ පදනම මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

මිහිතලයේ හා ජීව සංහතියේ පැවැත්ම වෙනුවෙන් ලෝකයම අවදි කිරීමේ අරමුණින් මිහිතලය පුරා පැළ මිලියන 100ක් සිටුවීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ පැළ මිලියන 20ක් සිටුවීමට නියමිතය.

අතුරලියේ රතන හිමි මෙහි සමාරම්භයට වැඩම කළහ. මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් මෙන්ම මාතා පදනමේ සාමාජික ඩිලන්ත මාලගමුව, රංගන ශිල්පී රොෂාන් රණවණ මහත්වරු ඇතුඵ බොහෝ ආරාධිත පිරිසක් එක්ව සිටියහ

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොළඹ සිට යාපනයට පැළ මිලියන 20ක් සිටුවීමේ ‘මාතා ව්‍යාපෘතිය‘ ඇරඹෙයි
කොළඹ සිට යාපනයට පැළ මිලියන 20ක් සිටුවීමේ ‘මාතා ව්‍යාපෘතිය‘ ඇරඹෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNW5ICDZ4D3H-ijNEhWIP42qehDFtOXl7DCqvoIXKZcLVkHjnusl_4pMnwxkUTqEngdA3M_fq5hC2vBQlk6lhZuKQuaF23Eshxb7oD9yx8cHo0rRo_ce2DfwCA6eJFnVpc0Nnaqya0JdQ/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNW5ICDZ4D3H-ijNEhWIP42qehDFtOXl7DCqvoIXKZcLVkHjnusl_4pMnwxkUTqEngdA3M_fq5hC2vBQlk6lhZuKQuaF23Eshxb7oD9yx8cHo0rRo_ce2DfwCA6eJFnVpc0Nnaqya0JdQ/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/04/20.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/04/20.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content