Header Ads

උණුසුම් පුවත්

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන 464 දෙනෙකුට නඩු


බස්නාහිර පළාතේ මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 464 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

ඒ, පසුගිය දින තුනේ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ මදුරු මර්දන වැඩසටහනේදී ය.

එහිදී පරිශ්‍ර 36,900 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර මදුරු කීටයින් සහිත පරිශ්‍ර 1,400 ක් එහිදී හඳුනාගෙන තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය.

මදුරු ග්‍රහණය ව්‍යාප්ත වන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 893 දෙනෙකුට එරෙහිව රතු නිවේදන නිකුත් කළ බව ද අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය.