Header Ads

උණුසුම් පුවත්

කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණදීමට කටයුතු කිරීම පිළිබඳව යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාවට සුබ පතයි


කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණදීම සම්බන්ධව ශ්‍රීලංකාවට  සුභපැතීමට යුනිසෙෆ් සංගමය  අවස්ථාවක් කරගන්නා බව යුනිසෙෆ් ආයතනයෙහි ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රිගම් ( Emma Brigham ) මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අද දින (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් 19 වසංගතයේ සෘජු හා වක්‍ර බලපෑම් සහ ඒ සදහා දකුණු ආසියාතික රටවල ප්‍රතිචාර පිළිබඳ යුනිසෙෆ් ආයතනයෙහි වාර්තාව සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ එමා Emma Brigham මහත්මිය,

කොවිඩ් වසංගතය ලොව පුරා ජනතාවට නොයෙකුත් ආකාරයෙන් බලපෑම් සිදුකළා. යුනිසෙෆ් සංවිධානය මෙම වසංගතයේදී විශේෂයෙන්ම මව්වරුන්ට සහ ළමයින්ට බලපාන ආකාරය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. මෙම වසංගතය කොවිඩ් වෛරසයෙන් සිදුකරන බලපෑමට අමතරව තව නොයෙකුත් ආකාරයේ බලපෑම් ඇති කළා. පාසල් වසා දැමීම් රැකියා අහිමි වීම් ආදී වශයෙන්. 2020 වසරේදී යුනිසෙෆ් සංවිධානය ගණිතමය ආකෘතියක් ආධාරයෙන් කොවිඩ් වසංගතයෙන් දකුණු ආසියාතික රටවල ළමුන්ට සහ මවුවරුන්ට ඇතිවන ෂෘජු හා වක්‍ර බලපෑම් ඇස්තමේන්තු දත්ත ආධාරයෙන් ප්‍රක්ෂේපණය කරනු ලැබුවා. 2021 මාර්තු මස එළිදැක්වූ මෙම වාර්තාවේ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ප්‍රත්ෂේපණය කරනු ලැබුවා. එනම් මෙම ගණනය කිරීම් වලට අනූව 2020දී දකුණු ආසියාතික රට වල ළමයි 228,000ක් හා කාන්තාවන් 11,000ක් 2019දී සිදුවුණු මරණ වලට වඩා වැඩියෙන් මියයන බව ප්‍රක්ෂේපණය කරනු ලැබුවා. එනම් කොවිඩ් වසංගතයේ බලපෑම් නිසා වැඩිපුර සිදුවන මරණ ලෙස මෙම මරණ අනුමාන කරනු ලැබුවා.