දක්ෂ තරුණයන් සොයන්න මැයි සිට රට පුරා Open Day - අමාත්‍ය නාමල් රාජපක්ෂ

 

රට පුරා දක්ෂ තරුණයන් සොයා යන Open Day මැයි සිට ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (31) දින ත්‍රිකුණාමලයේ දී පැවසීය.

තරුණයන්ට අවශ්‍ය සියලුම ආයතන එක්වන Open Day වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා දින 02 ක් වෙන් කරන බව අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික් කුඩා පරිමාණ ව්‍යවසායකයින් හා ක්‍රීඩා නිළධාරීන් සහ තරුණ සේවා සභා නිළධාරීන් හමුවූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අපේ රට ගොඩනගන්න අවශ්‍ය තරුණ පරම්පරාව බිහිකරන්න මූලිකත්වය ගන්නේ ව්‍යවසායකයින්. අපි ව්‍යවසායකයින් ගොඩ නැගුවාම, ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා සහයෝගය ලබා දුන්නාම රටේ පවතින බොහෝ ගැටලු සඳහා දීර්ඝ කාලීන විසදුම් ලබා ගන්න පුලුවන්.

මේ සමඟම අපි එළඹෙන සිංහල අලුත් අවුරුද්දට රට පුරා පාපැදි හා මැරතන් තරගාවලි 100 ක් පවත්වනවා. ඒවගේම ඉදිරියේ දී මුහුද හරහා පීනන තරගාවලි පැවැත්වීමේ සූදානමක් ද පවතිනවා යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජාතික යොවුන් සේනාංකය හා ජාතික තරුණ සේවා සභාව ඔස්සේ දුෂ්කර පළාත්වල ගුරුවරුන් හිඟ පාසල් තුළ ඉගැන්වීම් කටයුතු සඳහා ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහි දී උපදෙස් දුන්නේය.

ක්‍රීඩාංගණ සංවර්ධනයට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම රුපියල් ලක්ෂ 15ක මුදලක් වෙන් කර වැඩ කටයුතු සිදු කරගෙන යනවා. ඊට අමතරව මීළඟ අදියරේ තවත් රුපියල් ලක්ෂ 50 ක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ සමඟම අධ්‍යාපන කළාපයකට රුපියල් ලක්ෂ 32 බැගින් පාසල් ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමට මුදල් වෙන් කරලා තිබෙනවා යැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වෙරළ ක්‍රීඩා සඳහා ත්‍රිකුණාමලය වෙරළ තීරයේ වෙරළ ක්‍රීඩා උද්‍යානයක් ඉදිකිරීමට කටයුතු සූදානම් කරන ලෙස උපදෙස් දුන් අමාත්‍යවරයා ඉදිරියේදී කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා දක්ෂ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සොයා ගැනීමේ වැඩසටහනක් හා තරගාවලියක් පවත්වන බව ප්‍රකාශ කළේය

එමෙන්ම දක්ෂ දැල්පන්දු සංචිතයක් නිර්මාණය කිරීමට අඩි 5 යි අගල් 10 ට වඩා උස ගැහැණු ළමුන්ගෙන් අයදුම්පත් කැඳවන බව මෙහිදී ප්‍රකාශ කෙරිණි. ඉදිරියේ දී දිස්ත්‍රික් මට්ටමින් පවත්වන Open Day වැඩසටහනට සමඟාමීව මෙම කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අපි බලාපොරොත්තු වෙනවා ඔබ වගේ ව්‍යසායකයින් හරහා අලුත් රැකියා අවස්ථා බිහි කරන්න. අපි මේ වසරේදී ව්‍යවසායකයින් 1000 ක් බිහි කරනවා. අපි අලුත් ගිවිසුමක් අත්සන් කළා ඉදිරි වසර 4 තුළ ව්‍යවසායකයින් 4000 ක් බිහි කරන්න. අපි පසුගිය කාලයේ බැංකු සමඟ සාකච්ඡා කළා කුඩා ව්‍යාපාරිකයින් සදහා ණය ලබාදීමේ දී වඩා සහනදායී ක්‍රමවේදයන් සකස් කරන්න. ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා.

කුඩා ව්‍යවසායකයින් සඳහා විකුණුම් මධ්‍යස්ථාන අපි ගොඩනගලා තිබෙනවා. ඉදිරි කාල සීමාවේදී අපි එය තවත් වර්ධනය කරන්න කටයුතු සලසනවා. අපි කුඩා ව්‍යාපාර අංශය සමඟ එක් වෙලා අන්තර්ජාල වෙළඳපොළක් නිර්මාණය කරනවා. ඒ හරහා ඔබේ ගුණාත්මක භාණ්ඩ හා සේවාවන් දේශීය හා විදේශීය වෙළඳපොළට අලෙවි කිරීමේ හැකියාව ලැබෙනවා යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව අතරතුර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාර හිමියන් මුහණ දෙන ගැටලු රැසකට අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් විසඳුම් ලබා දීමට හැකි විය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශණ යන මහත්වරු තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ඉහළ නිළධාරින්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ සේවය කරන තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් සහභාගී වූහ

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: දක්ෂ තරුණයන් සොයන්න මැයි සිට රට පුරා Open Day - අමාත්‍ය නාමල් රාජපක්ෂ
දක්ෂ තරුණයන් සොයන්න මැයි සිට රට පුරා Open Day - අමාත්‍ය නාමල් රාජපක්ෂ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNcg10r1FsTqh83aPQyWcwDyE6Zrtsrf1el1Cy4W7oYVVRUUnBn1_m0C5Mlkce4xcuc_XXsy38dqx5NnHvHk29uAA1RwG9enPHv5fnrELPLv39oPt-92OB1okgV9bHHAzm59XAJAQRf9o/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNcg10r1FsTqh83aPQyWcwDyE6Zrtsrf1el1Cy4W7oYVVRUUnBn1_m0C5Mlkce4xcuc_XXsy38dqx5NnHvHk29uAA1RwG9enPHv5fnrELPLv39oPt-92OB1okgV9bHHAzm59XAJAQRf9o/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/04/Open-Day-starting-from-May-Namal-.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/04/Open-Day-starting-from-May-Namal-.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content