සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සතොස මගින් සහන මල්ලක්


සතොස අලෙවිසැල් ජාලය හරහා ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක් අඩංගු “සතොස සහන මල්ල” රුපියල් 1000ක් වැනි මුදලකට අද (01) දින සිට සතොස වෙළෙඳසැල් වලින් මිලදී ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යතුමා මේ බව පැවසූවේ ඊයේ (31) දින වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මෙම සහන මල්ල තුළ සුදු කැකුළු සහල් කි.ග්‍රෑ.1ක්, රතු කැකුළු සහල් කි.ග්‍රෑ.1ක්, නාඩු සහල් කි.ග්‍රෑ.1ක්, සුදු සීනි කි.ග්‍රෑ.1ක්, රතු පරිප්පු කි.ග්‍රෑ.1ක්, තිරිඟු පිටි කි.ග්‍රෑ.1ක්, ලුණු පැකට් 1ක්, හාල් මැස්සෝ ග්‍රෑ.250ක්, කෑලි මිරිස් පැකට් 1ක්, සෝයා මීට් පැකට් 1ක්, තේ කුඩු පැකට් 1ක්, මුහුණු ආවරණයක් අඩංගු වේ.

ගෝලීය වසංගත තත්ත්වයක් පැවතියදී වුවද වත්මන් රජය විසින් මහජනතාව සුරක්ෂිත කිරීමටත්, ගෝලීය වශයෙන් ඉහළ යන භාණ්ඩ මිල ගණන් යටතේ වුවද ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවට උපරිම අයුරින් සහන සලසමින් කටයුතු කිරීමටත් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නව වසර සමරන මේ අවස්ථාවේදී ජනතාවට තවදුරටත් සහන ලබා දීමට රජයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවත් වෙළෙඳ අමාත්‍යාංශය හා සතොස පිළිබඳව විශ්වාසය පළ කරමින් පාරිභෝගික ජනතාව සතොස හරහා භාණ්ඩ මිලට ගැනීමට කටයුතු කිරීම තුළ මෙවැනි වැඩසටනක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලද බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

වෙනත් වසර වලට සාපේක්ෂව උත්සව සමයේ බඩු මිල ඉහළ යාමක් මෙවර සිදු නොවන බවත් ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති මෙවන් වක වානුවක මෙවැනි සහන මල්ලක් ලබා දීමට කටයුතු කළ බවත් මෙතෙක් භාණ්ඩ මිලට ගැනීමට භාවිත කළ ටෙන්ඩර් කැඳවීමේ ක්‍රමවේදය වෙනුවට ඉදිරි විනිමය ගිවිසුම් ක්‍රමය යටතේ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසීම හේතුකොට ගෙන මෙලෙස සහන ලබා දීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පැවසීය.

ජනවාරි මාසය තුළ රුපියල් 190ක් වූ පරිප්පු කි.ග්‍රෑ.1 මේ වන විට රුපියල් 180කටද, රුපියල් 385ක් කිරිපිටි පැකට්ටුව රුපියල් 355කටද, අර්තාපල් කි.ග්‍රෑ.1 රුපියල් 150කටද, ලොකු ලූණු කි.ග්‍රෑ.1 රුපියල් 70කටද සතොස මගින් මිලදී ගත හැකි බවත් වත්මන් රජය බලයට පත් වීමේදී පහත වැටී තිබූ ඒක පුද්ගල ආදායම ඉහළ නංවන්නට තමන් සමත් වූ බවත් පැවසූ අමාත්‍යවරයා පොළී අනුපාතය තනි ඉලක්කමක් බවට පත් කළේ වත්මන් රජය බවත් පැවසීය.

පොල් තෙල් පිළිබඳ මේ වන විට ප්‍රශ්නයක් ඇති නමුත් දේශීය වෙළෙඳපොළට බීසීසී ආයතනය හා පශු සම්පත් සංවර්ධන මණ්ඩලයද පොල් තෙල් නිෂ්පාදනය කර නිකුත් කරන බවත් මුං ඇට ආනයනය තහනම් කර ඇති බැවින් මිල තරමක් ඉහළ ගොස් ඇති නමුත් තවත් කන්න දෙක තුනක් යන විට මිල අඩුවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, ලක් සතොස සභාපති ජනරාල් ආනන්ද පීරිස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

 

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සතොස මගින් සහන මල්ලක්
සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සතොස මගින් සහන මල්ලක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBc4hzzHl7UhF6XuhcDVLYWfbv2tuCsFs8ax3BuCpEMTM7_qR_07kkGHSbDsBVhaTf6bqFX1IK7J9TFSiHb_zwT54LHSbBtBFFw3_Ee33ZC_2EKNtA_6jVg42al68H6NrUqAZCRiAKJWg/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBc4hzzHl7UhF6XuhcDVLYWfbv2tuCsFs8ax3BuCpEMTM7_qR_07kkGHSbDsBVhaTf6bqFX1IK7J9TFSiHb_zwT54LHSbBtBFFw3_Ee33ZC_2EKNtA_6jVg42al68H6NrUqAZCRiAKJWg/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/04/Sathosa-provides-low-rate%20pack-for-sinhala--Tamil-new-year.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/04/Sathosa-provides-low-rate%20pack-for-sinhala--Tamil-new-year.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content