මෙම වසරේ ගතවූ කාලසීමාව තුල රිය අනතුරුවලින් පුද්ගලයන් 580කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිසිපති අජිත් රෝහන මහතා සදමන් කළා.
ඊයේ දිනය තුල පමණක් මාරක රිය අනතුරු 5ක් සිදුවී ඇති අතර ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් රිය අනතුරු සිදුවන මාසය අප්‍රේල් වන අතර අප්‍රේල් 10 වනදා සිට 20 වනදා දක්වා කාලය රිය අනතුරු බහුලම කාලය ලෙස වාර්තාවී තිබෙනවා. මේ හේතුවෙන් රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ඊයේ (10) දිනයේ සිට විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.
විශේෂයෙන් පෞද්ගලික බස් රථ ආශ්‍රිතව සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් ද යෙදවීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. විශේෂයෙන් අවුරුදු සමයේදී බීමත්ව රිය පැදවීම සිදු නොකළ යුතු අතර ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යාම ද අනතුරුවලට හේතුවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.