ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී වරින් වර සාකච්ඡා පවත්වන බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11 ක නායකයන් සමග පසුගිය බ්‍රහස්පතින්දා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ එම සාකච්ඡාව ආණ්ඩුවට එරෙහි සාකච්ඡාවක් නොවන බවයි. කෙසේ වෙතත්, පළාත් සභා මැතිවරණයේදී ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් 3 දෙනෙකු ඉදිරිපත් කිරීමට සිදු කර ඇති යෝජනාවට අකමැත්ත පල කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක්ම තීරණය කර ඇති බව මෙම සාකච්ඡාවෙන් පසු වාර්තා වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් සිදුකරන මීළඟ සාකච්ඡාව ලබන 18 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි. මේ අතර, මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දිනය සැමරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහභාගි කර ගැනීමේ සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.