පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට බිත්තර ප්‍රහාරයක් ඊයේ (7 වැනිදා) එල්ල වී තිබේ.
පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීම මන්ත‍්‍රී ජගත් කුමාර සහ උප සභාපති නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ දී පවත්වා තිබේ.
එහිදී පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීම ආසන සංවිධායකවරයා, මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය නිලධාරීන් නොමැතිව සභාපතිවරයා විසින් ඒකාධිපති ගමනක් යන බව පවසමින් සීතාවක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් විසින් චෝදනා එල්ල කර තිබේ.
එහිදී මන්ත්‍රී ජගත් කුමාර ‘මට ඕනෑ හැටියට තමා කරන්නේ’යනුවෙන් පැවසීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.