ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න - කෝප්

 

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වහාම කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැන්වීය.

ඒ සඳහා නීතිපතිවරයාගේ සහයද ලබා ගත හැකි බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබූ අතර, ඊට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර,මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, එස්.එම් මරික්කාර්, නලීන් බණ්ඩාර, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු සභභාගී වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමත කාර්‍ය මණ්ඩලය 162 ක් බවත් ඉන් 123 ක්ම කොන්ත්‍රාත් තනතුරු වීමත් විශාල ගැටලුවක් බව කාරක සභාව පෙන්වා දුන්නේය. මූල්‍ය අංශ ප්‍රධාන, නීති නිලධාරි, තොරතුරු තාක්ෂණ නිලධාරි,අභ්‍යන්තර විගණක යන තනතුරු අනිවාර්යෙන්ම ස්ථීර තනතුරු වියයුතු බවද කාරක සභාව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රසම්පාදන කටයුතු අවධිමත් වන අතර,එය විධිමත් කිරීම වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවටද කාරක සභාව නිර්දේශ කළේය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම පවතින තත්ත්වයට වඩා ඉහළ මට්ටමක පැවතිය යුතු බවටද කාරක සභාවේදී සාකච්ජා විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ක්‍රීඩා සංගම්වලට මුදල් ලබාදීම සඳහා නිවැරදි ආකෘතියක් සැකසිය යුතු බවටද කාරක සභාව නිර්දේශ කළේය.

ක්‍රීඩා පනත කඩිනමින් සංශෝධනය කළ යුතු අතර, ඒ වෙනුවෙන් වහාම කටයුතු කරන ලෙසද කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත කඩා වැටීමට හේතුව ක්‍රීඩකයන්ගේ වැරදි නොව ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතා බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

2018 වසරේදී දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයට අදාළව අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ලැබිය යුතු ආදායම වූ රුපියල් මිලියන 29 ක මුදල මෙතෙක් අයකර නොගෙනීම සම්බන්ධව කාරක සභාව ප්‍රශ්න කළ අතර, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා කාරක සභාවට දැන්වීය.

මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව මාස 03 ක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස සභාපති මහාචාර්‍ය චරිත හේරත් මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය. එම මුදල ඩයමන් චැනල් නම් ඇමෙරිකානු ජාතිකයෙකුගේ ගිණුමකට ඇතුළත්ව ඇති බවත්,එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනවලදී අවධානය යොමුව ඇති බවත් කාරක සභාවේදී අනාවරණය විය.

චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත වීම හේතුවෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේවන විට වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 30 ක් බවද කාරක සභාවේදී අනාවරණය විය.

2019 වසරේ මූල්‍ය ප්‍රකාශනවලට පැවැති උපචිත වියදම් රුපියල් 18,857,016 ක් හා ගෙවිය යුතු ශේෂවල ඇතුලත් ක්‍රීඩාංගන ණය හිමියෝ රු.26,664,834 ක් හා වෙනත් ගෙවිය යුතු ශේෂ රු.38,152,606 ක් සහ වෙනත් ණය ගැතියෝ රු 937,645 ක් මූලාශ්‍ර ලියවිලි නොමැති වීම හේතුවෙන් 2020 වසරේදී ගිණුම් වලින් කපා හැර තිබීම සම්බන්ධයෙන් කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෝෂාරෝපණය කළේය. මීට වගකිව යුතු නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්ව වෙනුවෙන් කඩිනමින් නෛතික ක්‍රියාමාර්ග ගත යුතු බවටද කාරක සභාව නිර්දේශ කළේය.

පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සහ බහු ක්‍රීඩා සංකීර්ණයක් ඉදි කිරීම වෙනුවෙන් මේ වන විට රුපියල් මිලියන 132 ක් වියදම් කර තිබුණද ඊට අදාළ ඉඩම සඳහා මෙතෙක් හිමිකම් ඔප්පුවක් ලබා නොගෙනීම සම්බන්ධව කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය. කඩිනමින් එම ගැටලුව විසඳා ගැනීමට පියවර ගන්නා ලෙස කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයට දැන්වීය. මෙවැනි කාරණා මඟින් පෙනී යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධිමත් වැඩපිළිවෙල බව ද කාරක සභාවේ සභාපතිවරයා කීවේය.

ක්‍රිඩා අමාත්‍යාංශය විසින් පත් කරන ලද අතුරු කමිටුවේ කාල සීමාව තුළ අදාළ බලධාරීන්ගේ අනුමැතිය නොලැබුනු රුපියල් මිලියන 26 ක් අගය වූ ව්‍යාපෘති 04 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතහැර දමා තිබෙන බවද කාරක සභාවේදී අනාවරණය විය.

2015 වසරේ සිට 2019 වසර දක්වා වූ කාල පරිච්ජේදයකට අදාළ රු. 10,292,337 ක් වූ තරඟ අත්තිකාරම් සහ 2007,2008,2016 හා 2017 යන වසරවල ක්‍රිකට් සංගම්වලට දෙන ලද රු.7,764,050 ක ඉදිකිරීම් අත්තිකාරම් නිරවුල් කිරීමකින් තොරව දිගින් දිගටම පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම 2014,2015,2016 සහ 2017 වසර වලට අදාළ එකතුව රු. 18,785,305 ක් වූ ගෙවිය යුතු ණය හිමි ගිණුම් 69 ක් 2020 වසරේදී මූල්‍ය ප්‍රකාශන වලින් කපා හැර තිබීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී අනාවරණය විය. මේ පිළිබඳව වහාම සොයා බලන ලෙස ද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

දේශීය ක්‍රීඩා පිටි සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදි කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා 2010 වසරේ සිට පැවැත එන රු.මිලියන 16 ක් වූ අත්තිකාරම් ගෙවීම් ගිණුම් ශේෂ 01 ක් 2020 වසරේ

වසරේ ගිණුම් වලින් කපාහැර තිබීම සම්බන්ධයෙන් ද කාරක සභාව සිය නොසතුට පළ කළේය. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙවැනි ගැටලු රැසක් මතුව ඇති බවත්, පිළිගත් රාමුවක් තුළ ආයතනය ක්‍රියාත්මක විය යුතු බවත් කාරක සභාවේ මතය විය. මෙම කාරක සභා රැස්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීහු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිහු ද සහභාගි වූහ.

මෙම රැස්වීමට සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙක් ද පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ සිටියද ඔවුන්ගේ ධූර කාලය ඊයේ (05) අවසන් වීම හේතුවෙන් එම නිලධාරීන් රැස්වීමට සහභාගී කර නොගැනිණි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න - කෝප්
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න - කෝප්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhV8SCWieEhZmxFpxrsu1A91sna6K3no8Sbad1by0jRHGMiripMDdyp_DjPbiJuxAAFJtdwPbbSfXIpJiBXyrP3hhAnTVaHyZdTqrdUWGgE0HUCCCNUuzOT_NwSJVWVkYdgUcZY-7pTaco/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhV8SCWieEhZmxFpxrsu1A91sna6K3no8Sbad1by0jRHGMiripMDdyp_DjPbiJuxAAFJtdwPbbSfXIpJiBXyrP3hhAnTVaHyZdTqrdUWGgE0HUCCCNUuzOT_NwSJVWVkYdgUcZY-7pTaco/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/04/cope-says-that-punish-the-ones-who-did-a-wrong-thing-in-.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/04/cope-says-that-punish-the-ones-who-did-a-wrong-thing-in-.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content