Header Ads

උණුසුම් පුවත්

ජා ඇලදී අයිස් කිලෝ 13ක් අත්අඩංගුවට


ජා ඇල, නිවන්දම ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින්  06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (11) සිදුකළ මෙහෙයුමකින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

හෙරොයින් සම්බන්ධයෙන් වැටලීම් වැඩි කිරීමත් සමඟ ජාවාරම්කරුවන් අයිස් වැනි මත්ද්‍රව්‍ය මෙරට තුළට රැගෙන ඒමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.