අද (24) සිට දින තුනක් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු යන පළාත්වලට අද දිනයේ මිලිමීටර් සියයට වැඩි වර්ෂාපතනයක් අපෙක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.
එමෙන්ම දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩිවීමක් ද බලාපොරොත්තු වන බව පෙන්වා දෙයි.
හෙට (25) සහ අනිද්දා (26) යන දෙදින තුළ එම පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවු ඉතා තද වැසි අපේක්ෂා කෙරේ.
වයඹ පළාතට ද තරමක තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වලද වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.




