ඊයේ දින පස්වරුවේ දී ගම්පහ ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ දී ගම්පහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් කළ පරීක්ෂණයක දී සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකු ව්‍යාජ මුදල් නෝට්ටු 07ක් සහ ව්‍යාජ හැදුනුම්පත් 02 සමග අත්අඩංගුවට ගැනිණි.
සැකකරුවන් පිළිබඳ වැඩීදුර විමර්ශනයේ දී ඔවුන් තාවකාලිකව ලැගුම්ගෙන සිටි සීදූව ප්‍රදේශයේ ලැගුම්හලක තිබී තවත් රුපියල් පන්දහසේ නෝට්ටු 04ක් ,දහසේ නෝට්ටු 133 ක්, රුපියල් සියයේ නෝට්ටු 71 ක් ,රුපියල් පනහේ නෝට්ටු 747 ක් සහ ඒවා මුද්‍රණය සදහා යොදාගනු ලබන ස්කෑන් යන්ත්‍රයක් , ප්‍රින්ටර් යන්ත්‍රයක් ,පරිගණක යන්ත්‍ර 02ක් ,පෙපර් කටර් 02 ක් ,වයර් කෝඩ් 02 ක් ,ලැමිනේටින් යන්ත්‍රයක් සහ ජංගම දුරකථන 02 ක් ගම්පහ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත .
අත්අඩංගුවේ පසුවන්නන් අවුරුදු 20 ත් 44 ත් වයසේ පසුවන ගම්පහ හා මීතොටමුල්ල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් ඔවුන් සතුව තිබු මුදල් වල මුලු වටිනාකම රුපියල් එක් ලක්ශ අනූහත්දහස් හාරසිය පනහක් වන බවත් අනාවරණය වී ඇත.
මොවුන් දෙදෙනා 2021 මැයි 25 වන අද දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගම්පහ පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලැබේ.




