උතුරු ඉතාලියේ මැගීගෝර් විල අසල පිහිටි කේබල් කාර් රථයක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු ඇතුළු 14 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඉතාලියේ පීඩ්මොන්ට් ප්‍රදේශයේ පිහිටි මොටරෝන් කන්ද මුදුනේ තිබෙන නිවාඩු නිකේතනයක සිට මගීන් පහළට රැගෙන ඒමේදී මෙම අනතුර සිදුවී ඇති බවයි.
අනතුරට ලක්වූවන්ගෙන් වැඩි පිරිසක් අනතුර සිදුවූ ස්ථානයේදීම මිය ගිය අතර බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයන් දෙදනකු ගුවන් මගින් රෝහලට ප්‍රවාහනය කරන අතර එක් අයෙකු මියගොස් තිබුණි. ඒ අතර මියගිය පුද්ගලයන් අතර ඊශ්‍රායල් ජාතිකයන් පස්දෙනෙකු සිටින බව ඊශ්‍රායල් විදේශ අමාත්‍යාංශය ප්නිවේදනය කළා.
මෙම කේබල් කාර් පද්ධතිය 1970 වසරේදී විවෘත කරන ලද අතර අළුත්වැඩියා කටයුතු සඳහා 2014 සිට 2016 වසර දක්වා සම්පූර්ණයෙන් වසා දමා තිබුනි. මොටාරෝන් මැග්ගෝර් විල අවට ප්‍රදේශයේ දැඩි සංචාරක ආකර්ෂණයක් දිනා ගෙන තිබූ මෙම කේබල් කාර් පද්ධතියේ එක රථයක සාමාන්‍යයෙන් එකවර මගීන් 40 පමණ රැගෙන යා හැකිය.





