ශ්‍රී ලංකා රජයේ කොවිඩ් මර්දන වැඩසටහන සදහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.5ක මුදලක් ලබාදෙන බව ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මරිස් පෙයින් මහත්මිය පසුගියදා සදහන් කළා.
මෙම ආධාර ඔස්ට්‍රේලියාව විසින් ඉන්දියන් සාගර කලාපයේ අසල්වැසි රටවල කොවිඩ් ව්‍යසනයේ බලපෑම අවම කිරීමට ලබා දෙන පැකේජමය කොටසක් බව ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එහිදී, ඔස්ට්‍රේලියානු මහා කොමසාරිස් ඩේව්ඩ් හොලී මහතා ප්‍රකාශ කර ඇත්තේ " අපගේ පොදු ඉන්දියන් සාගර කලාපය සුරක්ෂිත ස්ථාවර සෞභාග්‍යමත් සහ දුෂ්කර අභියෝගයන්ට මුහුණ දිය හැකි අන්දමින් පවත්වා ගැනිම ඕස්ට්‍රේලියාවේ අපේක්ෂාව බවයි". තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටින්නේ, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන කොවිඩ් තත්වයෙන් මිදීම සදහා සහය දීමට ඕස්ට්‍රේලියාව සූදානම්ව සිටින බවයි. එමෙන්ම මෙම නව සහන පැකේජය කොවිඩ් රැල්ල පැතිරීම පාලනය කර ගැනීම මෙන්මක කලාපීය සෞඛ්‍ය ආරක්ෂාවට ඇතිවන තර්ජනය කළමනාකරණය කිරීමට උපකාරී වනු ඇතැයි ද එම නිවේදනයේ සදහන්.




