මේ වනවිට ගෝලීය කොවිඩ් වෛරසයේ කේන්ද්‍රස්තානය බවට පත්වී තිබෙන ඉන්දියාව තුල තවමත් විශාල ලෙස කොවිඩ් රෝගීන් මියයාම වාර්තා වන අතර රෝහල්වල පවතින ඔක්සිජන් හිඟ වීම හා තදබදය අවම කර ගැනීම සඳහා නිවෙස් තුළ සිටින කොරෝනා ආසාදිතයින්ට අවශ්‍යතාව අනුව නොමිලේ ඔක්සිජන් සැපයුම් යන්ත්‍ර ලබාදීමට නවදිල්ලි ප්‍රාන්ත රජය කටයුතු කර තිබෙනවා.
ඔවුන් මේ සඳහා ඔක්සිජන් බැංකුවක් පිහිටුවා ඇති අතර ඒ සදහා නව දුරකථන අංකයක් ද හඳුන්වා දීමට නවදිල්ලි ප්‍රාන්ත රජය කටයුතු කර තිබුණා.
ඒ අනූව කොවිඩ් රෝගින් 1031 අමතා ඔක්සිජන් බැංකුවේ ලියාපදිංචි වීමෙන් පසු රෝගියාගේ නිවසට ගොස් කාර්මික ශිල්පීන් විසින් එම උපකරණයේ හැසිරවීම හා ක්‍රියාකාරිත්වය පිළිබඳ නිවැසියන් ව දැනුවත් කිරීමක් ද කරනු ලබනවා.
මේ වන විට ඔක්සිජන් සැපයුම් යන්ත්‍ර 2635 ක් පමණ ප්‍රාන්ත රජය සතු බවත් අසාදිතයන් 350ක් පමණ මෙම උපකරණයෙන් ප්‍රයෝජන ලබාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.




