ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන ක්‍රියාවලියට සහාය දීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් රුපියල් මිලියන 13ක (USD 65000) PCR පරීක්ෂණ කට්ටල 4700ක් ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙනුවෙන් පැසිෆික් කමාන්ඩ් ඔග්මන්ටේෂන් කණ්ඩායමේ (PACOM Augmentation Team) අධ්‍යක්ෂ බ්‍රැඩ්ලි එල්ඩර් සහ සිවිල් මිලිටරි සපෝර්ට් එලිමන්ට් අධ්‍යක්ෂ ටෝනි ක්ෂූ යන මහත්වරුන් විසින් මා සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (25) සංකේතාත්මකව බාරදෙන ලදි.
මෙම ප්‍රදානය සදහා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිවිල් මිලිටරි සපෝර්ට් එලිමන්ට් (CMSE) සම්බන්ධීකරණයෙන් ආධාර කර ඇත්තේ මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර අරමුණු සඳහා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව මගිනි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සමන් රත්නායක, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස් යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී විය.





