හෝමාගම මූලික රෝහලේ වකුගඩු රෝගී අංශයට මෙතෙක් බරපතළ අඩුපාඩුවක්ව පැවති රුධිර කාන්දු පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කළේ ය.
මෙම රුධිර කාන්දු පෙරන යන්ත්‍රය හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ජනිත් හෙට්ටිආරච්චි මහතා වෙත අමාත්‍යවරයා විසින් රෝහල් පරිශ්‍රයේදී ප්‍රදානය කරනු ලැබීය.
කොරෝනා රෝග ව්‍යාප්තියත් සමඟ හෝමාගම මූලික රෝහල කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරන සිදු කරන රෝහලක් බවට පත් කළ අතර එම රෝගීන් අතර සිටි වකුගඩු රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කිරීමේදී මෙම රුධිර කාන්දු පෙරන යන්ත්‍රයේ අවශ්‍යතාව බරපතලව දැනුණු බවත් එම අවශ්‍යතාව කඩිනමින් සැපරීමට කටයුතු කළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට රෝහල් කාර්ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් කෘතවේදීත්වය ප්‍රධාන කරන බවත් හෝමාගම රෝහල රෝහලේ වෛද්‍ය අධිකාරි ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
රුපියල් ලක්ෂ 22 කට අධික වටිනාකමකින් යුත් මෙම රුධිර කාන්දු පෙරණ යන්ත්‍රය රෝහල් බලධාරීන් වෙත ප්‍රදානය කරන අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ හෝමාගම ආසන සංවිධායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් ප්‍රබෝධ පීරිස්, රෝහලේ වකුගඩු රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය සී. බෙලිගස්වත්ත, වෛද්‍ය අශෝක ජයතිලක යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.




