ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින යාස් සුළි කුණාටුව තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වීම නිසා එය දිවයින හරහා පැය කි.මී 50-60ක වේගකින් හමා යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. තවද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 පමණ දක්වා වැඩිවිය හැකිය.
මෙම සුළි කුණාටුවේ බලපෑමත්,නිරිත දිග මෝසමේ බලපෑමත් නිසා අද (26) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.




