අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් එරට පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට උපදෙස් ලබා දෙමින් 04 වන මට්ටමේ අවදානම් නියෝගයක් නිකුත් කිරීම පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සදහන්කළා.
ඔහු පෙන්වා දෙන්නේ ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව සඳහා නිකුත් කරන ලද සංචාරක සීමා අනුව ත්‍රස්තවාදී කාණ්ඩයට ඇතුලත් කිරීම පිළිබඳ බියක් ඇතිකර ගත යුතු නොවන බවයි.
ආරක්ෂක අමාත්‍යංශය සහ ත්‍රිවිධ හමුදාව ඇතුලුව ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන අනෙකුත් ආයතන විසින් ආරක්ෂාව මනාව තහවුරු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වර්තමානයේ රට තුල පවතින කොවිඩ් 19 තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙලෙස 4 වන මට්ටමේ සංචරණ සීමා නිකුත් කර තිබුනද එහිදී ත්‍රස්තවාදී තර්ජන සම්බන්ධයෙන් අඩංගු වීම එම වර්ග කිරීමේ ක්‍රියා පිළිවෙතට අනුව සාමාන්‍යයෙන් සිදුවන්නක් බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.
එබැවින් ජාතික ආරක්ෂාව පිළිබඳ අනියත බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න වැඩිදුරටත් දන්වා සිටින්නේ.





