Header Ads

උණුසුම් පුවත්

රජයේ සහන මල්ලෙන් භාණ්ඩ සොරාගත් ග්‍රාමනිලධාරීගේ වැඩ තහනම්


කෝවිඩ් 19 රෝගය වැළදීමෙන් නිරෝධායනයට ලක් වන පවුල් සඳහා රජය පසුගිය කාලය පුරාම රුපියල් 10,000 ක වටිනාකමින් යුත් සහන මල්ලක් ලබා දීමට කටයුතු කළා. නමුත් මෙහි ඇති ආහාර ද්‍රව්‍යවලින් රු.4000 ක පමණ වියළි ආහාර ඉවත් කර ඉතිරි ප්‍රමාණය ජනතාවට ලබා දීම සිදු කළ ග්‍රාම නිළධාරිවරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

ඔහු මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිළධාරිවරයෙකු බවත් මේ වන විට ඔහුව රාජකාරියෙන් ඉවත් කර විමර්ශනයක් පැවැත්වීමට පියවර ගෙන ඇති අතර ඔහු විශ්‍රාම යාමට ආසන්න නිළධාරියෙකු බවද වාර්තා වනවා.

මහියංගනය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාටද කොවිඩ් ආසාදනය වීම නිසා ඔහුගේ නිවසට ද මෙම සහන මල්ල ලැබි තිබෙනවා. එහි ඇති ද්‍රව්‍ය පිළිබඳ යම් ගැටළුකාරී තත්වයක් මතුවීම නිසා මහියංගන ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතාට දැනුම් දී තිබෙන අතර එහි ඇති ද්‍රව්‍ය ලැයිස්තුව හා මිල සැසඳීමේ දී රු.3900 ක පමණ ද්‍රව්‍ය ඉවත්කරගෙන ඇති බව තහවුරු වී තිබෙනවා. මේ වන විට මහියංගන නගර වසමේ රාජකාරිය සඳහා වෙනත් ග්‍රාම නිළධාරියෙකු අනුයුක්ත කර තිබෙනවා.