Header Ads

උණුසුම් පුවත්

මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට


මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුමහතා පොලීසිය විසින් අද  අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ මොරටුමුල්ල ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි. නගරාධිපතිවරයා අද උදෑසන නීතීඥවරයෙකු මාර්ගයෙන් ගල්කිස්ස පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.