මියන්මාරයේ ජනවාර්ගික කැරළි කණ්ඩායමක් ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 80 දෙනෙකු මිය ගොස් තවත් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව උතුරු මියන්මාරයේ කචින් ප්‍රාන්තයේ සංවිධානය කරන ලද ප්‍රසංගයකට ගුවන් යානයකින් බෝම්බ තුනක් හෙලෝ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසනවා.
ඝාතනයට ලක්වූවන් අතර ජනප්‍රිය ගායක ගායිකාවන් සිව් දෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




