18 හැවිරිදි වියේ පසුවන දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකට අදාළව 19 හැවිරිදි තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ජුනි මාසයේදී අදාළ දැරිය සහ සැකකාර තරුණයා ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති අතර මාසයක පමණ කාලයකට පසුව සැකකාර පෙම්වතා විසින් අදාළ දැරිය පානදුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මිතුරෙකුගේ නිවසක් වෙත රැගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එහිදී සැකකාර පෙම්වතා විසින් තමන්ට යම් පානයක් ලබාදුන් බවත් ඉන් තමන් මත්වූ බවත් දැරිය පොලීසිය වෙත ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.
එම අවස්ථාවේදී සැකකාර තරුණයා විසින් 18 හැවිරිදි වියේ පසුවූ දැරියට අතවර කර ඇති අතර එම අවස්ථාව සැකකරු විසින්සි සිය ජංගම දුරකථනයෙන් රූගත කර එම දර්ශන අන්තර්ජාලයට යොමුකරන බවට පවසා පසුව ඇයට තර්ජනය කර නැවත නැවත ඇය දූෂණය කර ඇති බවද හෙළිවී ඇත.
මෙම සිදුවීමෙන් පසු දැරියට ඇතිවූ මානසික පීඩනය හේතුවෙන් ඇය සිය ඥාති නිවෙසකට ගොස් එහිදී දැරිය සිය ඥාතියෙකුට සියල්ල පැවසීමත් සමඟ ඒ පිළිබඳව දැරියගේ මව්පියන් දැනුවත් කර පසුව පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.
දැඩි ලෙස මානසික පීඩාවට ලක්ව ඇති දැරිය මේ වනවිට රෝහල්ගතකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු පානදුර අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




