ඇමෙරිකාවේ මිසුරිහි නගරයේ ශාන්ත ලුවීහි උසස් පාසලක වෙඩි තැබීමකින් පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මියගිය අය අතර වෙඩි තැබූ සැකකරුද වන බවයි වාර්තා වන්නේ.
පාසල් ගොඩනැඟිල්ලේ දොරවල් අගුළු දමා තිබී ඇති අතර සැකකරු ඇතුළු වී තිබෙන්නේ කෙසේ ද යන්න පැහැදිලි නැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මෙම සැකකරු 19 හැවිරිදි එම පාසලේම ආදි ශිෂ්‍යයෙකු බවට පොලිසිය විසින් හඳුනාගෙන ඇත.
සැකකරු පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




