එකට මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ කථාබහක් දුරදිග ගොස් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් එක් අයෙක් මියගොස් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් තිදෙනා ගලහ රෝහලට ඇතුලත්කර ඇති අතර ඒ අයගේ තත්ත්වය බරපතල නොවන බව පොලීසිය පවසයි.
මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ (24) රාත්‍රී කාලයේ පුපුරැස්ස පොලිස් වසමේ ලෙවලවත්ත ප්‍රදේශයේදී.
මියගොස් ඇත්තේද එම ප්‍රදේශයේම පදිංචි 37 වියැති පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 05 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පුපුරැස්ස පොලීසිය සඳහන් කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




