Header Ads

උණුසුම් පුවත්

ජුනි මස 7 වනදා දක්වා සංචරණසීමා දැඩි වෙයි


දැනට පනවා ඇති දැඩි සංචරණ සීමා ජුනි මස 7 වනදා දක්වා ලිහිල් කිරීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට අද ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව මැයි 31 සහ ජුනි මස 4 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට පෙර ගෙනු තිබූ තීරණය අවලංගු වන බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම සේවා හරහා ලබාදීමට කටයුතු කර ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.